Sunday, June 25, 2017

අලෙවිකරණය , ප්‍රචාරණය හා නව මාධ්‍ය

                 
  එක්සත් ජාතීන්ගේ අලෙවිකරණ ආයතනය දක්වන පරිදි අලෙවිකරණය යන්න කළමණාකරණ ක්‍රියාවලියයි. එය ලාභදායි කටයුත්තක් වනවා මෙන්ම පුද්ගලයාගේ අවශ්‍යතා හඳුනා ගෙන පූර්ව නිගමනයන් සිදු වන්නකි. වර්තමානය වන විට අලෙවිකරණය යන්න වාණිජ ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වනවා මෙන්න ඉන් පාරිභෝගිකයා සමඟ ඉතා සමීප මෙන්ම දිගු කාලීන සබධතාවක් පවත්වාගෙන යාම නම් අත්‍යවශ්‍යමය.

        අලෙවිකරණය හා සම්බන්ධව අද වන විට පවතින දැඩි තරඟකාරිත්වය සළකා බැලීමේදී ප්‍රචාරණය ඒ හා සමගාමීව වැදගත් තැනක් උසුලන බව පැහැදිලිය. අලෙවිකරණය යන්න හුදු භාණ්ඩ අලෙවිය පමණක්ම නොවේ . එමෙන්ම ප්‍රචාරණය හෝ ව්‍යාපාරය යන්න පමණක් අරමුණ වූවක්ම ද  නොවේ. නිෂ්පාදනය හා ලාභය සේවාව පමණක් නොව ඉන් පුද්ගලයාගේ ප්‍රතිරූපය ගොඩ නැගීම දක්වා  දිව යන්නකි.

                අලෙවිකරණ ක්‍රියාවලිය තුළනව මාධ්‍ය මඟින් ඉටු කරන සේවාව සුළු පටු නොවේ. පාරිභෝගිකයා හටපූර්ව දැනුවත් කිරීම , පෙළඹවීම, භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ආදි අරමුණු අලෙවිකරණයේ දී සඵල කරගනු වස් විවිධ සන්නිවේදන උපක්‍රමයන් භාවිත කරනු ලැබුව ද එකී ක්‍රියාවලියේදී නව මාධ්‍ය මඟින් ඊට ලැබෙන දායකත්වය සොයා බැලීමේදීඅලෙවිකරණය හා නව මාධ්‍ය අතර පවතින දැඩි සම්බන්ධතාවය පසක් වේ. නිෂ්පාදන අලෙවිකරණය ට මෙන්ම පාරිභෝගිකයා කෙරෙහි ද සෘජු බලපැමක් එල්ල කිරීමට නව මාධ්‍යට ඇති හැකියාව නිසාම අලෙවිකරණය සඳහා නව මාධ්‍ය යොදා ගැනීම උචිතම උපක්‍රමයක් ලෙස තිව්‍ර වේ .

                නොයෙකුත් පාරිසරික විපර්යාසයන්වලට මුහුණ දෙමින් පැවත ආ මනුෂ්‍ය සංහතිය කාලයාගේ ඇවෑමෙන් විවිධ සන්නිවේදන ක්‍රමෝපායන් කෙරෙහි සිය අවධානය යොමු කිරීමට පෙළඹිනි.සංඥා , සංකෙක්ත මඟින් අදහස් හුවමාරුවෙන් අනතුරුව භාෂණ ක්‍රමවේදයකට ද , ඊටත් පසුව ලේඛන ගත ක්‍රමයකට ද පිවිසි මානවයා වර්තමානය වන විට වෙනමම මාවතක ට සන්නිවේදන ලොව පිවිස ඇති බව නම් පැහැදිලිය. ඉතා දිගු කාලසීමාවක විපර්යාසයක් වන මේ සන්නිවේදන ක්‍රියාවලිය දියුණු වෙමින් ඉතා සීඝ්‍රයෙන් සංවර්ධනය වන බවත් , ව්‍යාප්ත වන බවත් බැලූ බැල්මට දක්නට ලැබෙන කාරණායකි. 

     සන්නිවේදනය යන්න එක් අතෙකින් මෙසේ දියුණු වත්ම අනෙක් පසින්  ඒ හා සමගාමීව දියුණුවූ තවත් ක්ෂේත්‍රයක් වන්නේ වෙළඳාමයි. මිනිසා ගල් ගුහා වල ජීවත් වන මුල් අවධියේ දී සන්නිවේදනය හා වෙළඳාම යන්න ඔවුන්ගේ සීමිත අවශ්‍යතා මත බොහෝ දුරස්තව පැවති බව ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන්නකි. ක්‍රමයෙන් නොදියුණු අවශ්‍යතා මත ස්වයංපෝෂිත ජීවන රටාවට අනුගත වත්ම බිඳෙන් බිඳ එකී නොදියුණු  අවශ්‍යතා පුළුල් වන්නට විය. මේ පුළුල් වන අවශ්‍යතා මත භාණ්ඩ හුවමාරු කර ගැනීමටත් පසු කලෙක භාණ්ඩ වෙනුවට  මුදල් ක්‍රම භාවිත කරන්නටත් ආරම්භ වූදා පටන් වර්තමානයේ පවතින දියුණු වෙළඳාම් ක්‍රමයන් දක්වා පරිවර්තන ගමන් මගේ අරුමය අවබෝධ කර ගැනීමට හැකියාව උදා වනු ඇත.

          අලෙවිකරණය තුළනිෂ්පාදනය , මිල , ස්ථානය මෙන්ම ප්‍රවර්ධනය යන සංකල්පය වැදගත් වේ. මෙය අලෙවිකරණ සන්නිවේදනය ලෙස ද හැඳින් වේ. පාරිභෝගිකයාගේ පෙළබවීමටත් , මිල දී ගැනීමටත් මෙකී අලෙවිකරණයට සන්නිවේදනය වැදගත් වන බව නම් කිව යුතුය. පාරිභෝගිකයා පොළබවා ගැනීමටත් ඒ තුළින් නිෂ්පාදන හෝ සේවාවන් කෙරෙහි ඇති ඉල්ලුම ඉහළ නංවා ගැනීමටත් අලෙවිකරණය තුළ ප්‍රචාරණයට වැඩි ඉඩක් ලබා දීම අත්‍යාවශ්‍ය වන්නේ ය. විශාල වෙළදපලක් ආවරණය කර ගැනීමට හැකි වනවා මෙන්ම අදාළ නිෂ්පාදනය හෝ සේවාව පිළිබඳ තතු පාරිභෝගිකයා වෙත ගෙන යාමේ හැකියාව පවතින්නේ ප්‍රචාරණය මඟිනි. එබැවින් ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ ආකර්ශනීය බව අත්‍යවශ්‍යම වෙයි. ප්‍රචාරණය ඒකරාශී නොවෙයි. විවිධාකාරය. 

        එකී ප්‍රචාරණ ක්‍රමරෙව්දය තෝරා ගැනීමඊට සරිලන ලෙස ප්‍රචාරණ කටයුතු කිරීම , සුදුසු ග්‍රාහක පිරිස ඉලක්ක කිරීම වඩාත් වැදගත් වේ.පුවත් පත ගුවන් විදුලිය . රූපවාහිනිය , සිනමාව පමණක් නොව අන්තර්ජාලය , ජංගම දුරකථන , සමාජ ජාත වෙබ් අඩවි ආදි නූතන නව මාධ්‍ය හරහා ද වඩා ප්‍රභලව ප්‍රචාරණයක් සුදු කෙරේ. මේ අතරින් නව මාධ්‍ය කෙරෙහි  වැඩි අවධානයක් අලෙවිකරණ ප්‍රචාරණය තුළ යොමු කරන බව පැහැදිලිව දක්නට ලැබෙන ප්‍රවණතාවකි.

         සුදුසුම මාධ්‍ය තෝරා ගැනීම , ඊට අදාළ පණවිඩය සකස් කිරීම , ග්‍රාහකයා වෙත ඉදිරිපත් කිරීම යන මූලික ක්‍රියාවලිය අලෙවිකරණ ප්‍රදාරණ ක්‍රියාවලිය තුළ සිදු කෙරේ. නව මාධ්‍ය මඟින් web bener , disply advertising , social media advertising , email advertising , popup ads , text ads යනාදී උපක්‍රමයන් භාවිත කෙරේ. 90 දශකයේ අන්තර්ජාලය බිහි වුවත් අන්තර්ජාලයට ප්‍රචාරණය පිවිසෙන්නේ පසුකාලීනවයි. ඒ 1994 වසරේදී ය. අද වන විට එය විකාශනය වී ප්‍රචාරණයට බෙහෙවින් යොදා ගැනෙන මාධ්‍යයක් බවට නව මා්‍ය්‍ය පත් වී ඇත.

ඉතා සාර්ථක ක්‍රමවේදයක් වන මෙම සමාජ මාධ්‍ය භාවිතයෙන් ප්‍රචාරණයේ නිරත වීම බොහෝමයක් ආයතන මෙන්ම පෞද්ගලික වශයෙන් ද සාර්ථක මෙන්ම වැදගත් ක්‍රමෝපායක් ලෙස සල     කනු ලැබේ. නව මාධ්‍ය මඟින් වේගවත් සන්නිවේදනයක් සිදු කළ හැකි වනවා මෙන්ම වේගවත් අලෙවිකරණයක් ද සිදු කළ හැකි බව නොරහසකි. කඩපිලවල් වල , බැංකු වල පෝලිම් වල කාලය නාස්ති කළ පාරිභෝගිකයාට දැන් දබකසබැ ගෙවීම් කළ හැකිය. පිට රටක අලෙවිකරණ නිෂ්පාදන මිල දී ගැනීමට පමණක් නොව අන්තර්ජාලය හරහා සේවාවන් ( රැකියාවන් ) සිදු කිරීමේ හා ඒ සම්බන්ධව ගනු දෙනු කිරීමේ හැකියාව පවති. ikman.lk වැනි සේවාවන් තුළින් ව්‍යාපාරයක් වශයෙන් නොව තනිව පවා අලෙවිකරණ ක්‍රියාවලියෙහි නිරත වීමට අවශ්‍ය අවකාශය සලසා දී ඇත.

       මෑත කාලය තුළ ප්‍රචාරණය හා අලෙවිකරණය බද්ධව වූ සමාජය තුළ පෙරලියක් කළ ප්‍රචාරණ කිහිපයක් වෙයි. යුරේනි සම්බන්ධ කොට ගත් rexona න්වීම , දි ප්‍රියසාදිගේ වැස්ලින් බෝතල් 1000 කතාව නමින් කළ ප්‍රචාරණ ක්‍රියාවලිය , ‘ vim දිවියට දිස්නය ට සමගාමීව ගෙන ගිය ප්‍රචාරණ ක්‍රියාවලිය යනාදිය පෙන්වා දීමට හැකිය.

    මෙකී සාධක සලකා බැලීමේදී ඇතිකරණ ප්‍රචාරණය හා බද්ධව නව මාධ්‍ය ප්‍රමුඛස්ථානවක් උසුලන බව තව දුරටත් අනාවරණව වේ. නව සන්නිවේදන තාක්ෂණයට පිවිසීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටලු පවතින බව නම් පැහැඳිලිය. නව මාධ්‍ය ව්‍යාප්තිය මෙරට සීමිත වුව ද සෙසු මාධ්‍ය හා කරට කර තරඟ කිරීමේ හැකියාව නිසාම අලෙවිකරණ හා ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ නව මාධ්‍යට ප්‍රමුඛ තැනක් හිමි වේ.


                               
                               නිසන්සලා තෙන්නකෝන් 

බලන් කඩතුරා හැර දෑසේ




ගීත රචනය : ආචාර්ය ශ්‍රී අලවත්තයන්

සංගීත නිර්මාණය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්

ගායනය : ටී එම් ජයරත්න , අයිවෝ ඩෙනාස් ඇතුළු පිරිස



       කලාවට කෙනෙකු ජීවත් කළ හැකිය. කෙනෙකුගේ මතකය අවදි තළ හැකිය. හැඩවිය හැකිය. දුක , වේදනාව , වෛරය පමණක් නොව මිනිස් චිත්තසන්තානය තුළ සැගව පවත්නා අනේකවිද චින්තනයන්ට ජීවයක් එක් කිරීමට කලායට හැකිය. මිනිස් හදවත්වල සංයමයක් ඇති කිරීමට හැකියාව ඇත්තේද කලා නිර්මාණයකටය. සංගීතය , කවිය , ගීතය , නවකතාව හෝ පමණක් නොව කලා සිතුවම් ආදී කුමන නිර්මාණයක් අභිමුව වුවද කවර පුද්ගලයකු හෝ දැමුණු පුද්ගලයකු වනු නිසැකය. එයිනිදු ගීතයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

     සමාජ අසම්මතයට එරෙහි වීමට පමණක් නොව සමාජ අසාධාරණයන් ,අකටයුතුකම් වලට එරෙහිව නැගී සිටීමයත් සමාජ සාරධර්මයන්ගේ ප්‍රගමනය උදෙසාත් අවියක් ලෙස ගීතය යොදා ගත හැකිය. ව්‍යාජයෙන් අන්ද භක්තියෙන් නෙත් අඳ කරගත් පිරිසට යථාර්ථය පසක් කරනු වස් නිර්මාණය වූ ගීතයන් කොතෙකුත් ඇත. එවන් සොඳූරු ගීතවක් ළඟ මොහොතකට නවාතැන් සැදීමට ගත් උත්සාහයකි ; මේ.

      දෙවියන් ඇදහීම මානව අයිතියකි. කස්තුරි සුවඳ දුමෙන් , මලින්දෙවියන් පුදන මිනිසුන් හරෝ හරා , හරෝ හරායැයි දෙවියන් ඉදිරියේ යාදිනනේ ඉස උදුම්මවා ගත් භක්තිය මුසු බියකිනි. අදෘශ්‍යමාන දෙවියන් ඉදිරියේ හිස නමන ගෞරව කරන ඔවුන් යථාර්ථයට පිටුපා කරන රඟපෑම සුලුපටු නොවේ. නොපෙනෙන දෙවියන් ට ගරු බුහුමන් පෑමට වඩා දෑසමානයේ වසන සැබෑ දෙවියන් පිරිසක් සිටී. දිවා රෑ අවු වැසි නොතකා වෙහෙස මහන්සිය තුට්ටුවකට මායිම් නොකරන අපේම කම්කරු ජනතාව සැබෑ  දෙවියන් ය.

        දෙවියන්ට දක්වන ගෞරවය කම්කරු ජනතාවට දක්වන්නේ නම් එය මැනවි. එය ගම්‍ය කරනු වස් විශ්ව සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ලෝ ප්‍රකට ගීතාන්ජලී නම් කෘතියේ කවියක් පාදක කොට ගනිමින් ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන්ගේ අපූර්ව පද සංකල්පනාවක් ගලපයි. අදෘශ්‍යමාන දෙවියන් ඉදිරියේ බුහුමන් දක්වන සමාජය කම්කරු ජනතාවට දෙන අල්ප වටිනාකම විවරණය කරන අඳූරු කුටිය තුළ දොරගුළු ලාගෙන ගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මියුරු සන්ගීතයට ටී.එම් ජයරත්නයන්ගේ හඬ පෞරුෂත්වයෙන් උපරිම සාධාරණත්වයක් ඉටු කර දීමට උත්සහා දරයි.

       ගීතය පුරාවටම කම්කරුවාට ලබා දෙන්නේ අනල්ප වටිනාකමකි. ඉන්දීය සමාජ අත්දැකීමක් පාදක කොට තාගෝර්තුමන් නිර්මාණය කර ඇති මේ ගීතය ලාංකේය අනන්‍යතාව සුරැකෙන පරිදි පරිවර්තනය කිරීමට ආචාර්ය අලවත්තයන්ගේ ප්‍රතිභාව විශිෂ්ටය.

              අලවත්තයන් දෙවොල අඳූරු කුටියකට සමාන කරයි. දේවාල බොහෝමයක් අඳූරු ස්වභාවයක් ගනී. තිර රෙදිවලින් වසා හෝ දොරවල් වසා ගෙන ඉන් යාන්තමට දේව ප්‍රතිමාව පෙනෙන්නට සලස්වා ඇත. දෙවියන් සම්පූර්ණව පෙනෙන්නේ හෝ දෙවියන් සමඟ කතා බහ කිරීමට කිසි විටෙක ඉඩක් ලැබෙන්නේ නැත.

             “ අඳූරු කුටිය තුළ දොරගුළු ලාගෙන

                                      ගයන ගීතිකා යදින යාතිකා

                                           දෙවියන්හට නෑසේ

         ‘ අඳූරු කුටිය යථාර්තය වැසී ගියා වූ , මිනිසුන්ගේ ජීවිතයයි. සැබෑවට පිටුපා කටයුතු කරන්නන්ගේ ජීවිත සැබැවින්ම අඳූරුය. එම අඳූරු කුටියේ දොරගුළු ලා සිටින තාක් සැබෑව බොහෝ දුරය. ගී පද රචකයා මනා සංයමයකින් යුතුව එකී යථාර්ථය ගම්‍ය කිරීම පුදුම සහගතය.

      දෙවියන් හමුවට යන දේව භක්තිකයන් කපු මහතුන් මඟින් යාතිකා හා ගීතිකා කියවයි. බාහිර සමාජයෙන් විතැන් වූ කොතැනකදෝ  අතරමං වූ කපු මහතා දෙවියන් හා කතා කරයි. නමුත් කිසි දිනෙක දේව භක්තිකයන්ට දෙවියන් මුන නොගැසේ.


      යථාර්ථය සියුම්ව අවබෝධ කොට දී ක්‍රමයෙන් ව්‍යාජ ලෝකයෙන් සැබෑ ලෝකයට ශ්‍රාවක මනස ගෙන ඒමට අලවත්තයන් සූක්ෂම වෙයි. දෙවොලවල දකින්නට ඇත්තේ දෙවියන් නොව දේව ප්‍රතිමාය. නමුත් සැබෑ ලෝකය දෙස දෑස් ඇර බැලූ විට සැබැවින්ම දෙවියන් දැකීමටත් , ඇසුරු කිරීමටත් එපමණක් නොව කතා බහ කිරීමටත් ඉඩ සැලසේ.  

           “ පොළොව කොටන තැන පාර තනන තැන

                                     ගිනියම් අවුවේ මහ වරුසාවේ

                                        දෙවියෝ වැඩ ඉන්නේ

    මේ පද පෙළ සවනට වැකෙත්ම ඉතා සංවේදී චිත්තරූපයන් මනසට නැගෙන්නේ නිරායාසයෙනි.

        කම්කරුවෝ මිනිසුන් වෙති.දෙවියෝ නොවෙති. ඒ මන්ද ඔවුන් දෘශ්‍යමානය. දෙවියෝ ද මිනිසුන්ගෙන් පිං අපේක්ෂා කරති. ඒ මිනිසාගේ අසහාය බලය හේතුවෙනි. නමුත් ව්‍යාජ අන්ද භක්තියට මුලා වූවන්ට කම්කරුවන් විදින දුක නොපෙනෙයි. ඔවුන් කරන සේවය නොපෙනේ.

       සිනිඳූ සළු ඇදි පුයර උලා ගත් සෝභනයන් කොතරම් දෙවියන් ඉදිරියේ කන්නලව් කළද දෙවියන්ගේ ඇස් ඇහැරෙන්නේ නැත. නෙත්දහසක් තිබුනද එක ඇසකින් හෝ වත් ඔවුන් දෙස නොබලයි. අනෝරා වැස්ස , කටුක පොළොව සමඟ පොරබදින කම්කරුවන් හා දෙවියන් නිතර වැඩ හිදී. ගීත රචනයා ගානියම් අවුව , මහ වරුසාව යන්නෙන් කම්කරුවා විදින දුක , පීඩාව තීව්‍ර කිරීමට උත්සාහ දරයි. කම්කරුවා විඳින දුක මද්දහන මහ අව්ව තරම් ගිනියම් ය. මහා වරුසාව මෙන් කටෝර ය.

     කඩතුරාවෙන් දෑස වැසුන කල කිසි කෙනෙකු ට යථාර්ථය නොපෙනේ. නමුත් අන්ද භක්තිකයන් සෑම විට ම දෙවියන් දකින්නේ කඩතුරාවෙන් වැසුණු ව්‍යාජයකින් මිස යථාර්ථවාදීව නම් නොවේ. කඩතුරාව හැර එසේ නැතහොත් සමාජය දෙස බලන ආකාරය වෙනස් විය යුතු කාලය පැමිණ ඇති බව ගම්‍ය කරනු වස් ,

                    “ බලන් කඩතුරා හැර දෑසේ

         යන්නෙන් අලවත්තයන් මනාව ව්‍යංග්‍යාර්ථ ප්‍රාතිහාර්ය දක්වයි. බලන් යන විදානාර්ථ ක්‍රියාව යෙදීමෙන් පද රචකයා ව්‍යාජයේ කඩතුරාව හැර දා යතාර්ථය දෙස බලන්නැයි ඉතා සංයමයකින් යුතුව පවසයි.

      කඩතුරාව පහ කළ විට යතාර්ථය සඳ එළියක් සේ දිලිසේ. මේ පවසන දෙවියන් සළු පිළි පැළඳ නොමැත.එහෙත් ඒ දුහුවිල්ලෙන් උපන්නේ අනාගතයට පාර තනන දෙවියන්ය.                  

                     “  සිනිදු සුවැති සළු සිරසින් හැර දා

                                 දූවිලිමඩ වැකකි පිළි ගත පළදා "

      ව්‍යාජ අන්ද භක්තිය නැමැති සිනිදු සළු සිරසින් හැර දා කම්කරු ජනතාව විදින දුකනැමැති යතාර්ථය දකින්න යැයි ව්‍යංග්‍යාර්ථවත් කරයි. සැබෑ දෙවියන් දැකිය හැකි වන්නේ එවිටය. කම්කරුවන් විදින දුක සිනිදු නැත. දුක කටෝරය. නීරසය. පැමිනෙන දුක් පැනි රසයැයි පපඩම් කතා ඔවුන්ට අනවශ්‍යය. මන්ද දුක යන්න අසරණ කම්කරුවන් හොදාකාරවම දන්නා බැවිනි.

      ව්‍යාජ අන්ද භක්තියෙන් දෙවියන් ඉදිරියේ දණ නමන හිස නමන සමාජය සාමාන්‍ය ජනතාව තුට්ටුවකට මායිම් නොකරයි. සත්‍ය නැමැති නෙත් අහිමි වූවන්ට සාමාන්‍ය ජනතාව අතරට පැමණීමෙන් අනාගතයට පාර තනන සැබෑ දෙවියන් දැකිය හැකිය.

       බාහිර අලංකරණයෙන් සැරසී දෙවියන් සමඟ සම්බන්ධ විය නොහැකිය. දෙවියන් හා එක් වීමට නම් දහඩියට ඇලුම් කළ යුතුය. සැබෑ මිනිස් සුවඳට ඇලුම් කළ යුතුය. ඒ මන්ද යත් දහඩිය , ශ්‍රමය වගුරන සාමාන්‍ය ජනතාව සැබෑ දෙවියන් වන බැවිනි. ගීතය පුරාවටම පසක් වන සැග වී පවතින සත්‍යයක් වෙයි. එනම් දෙවියන් ඉදිරියේ යාතිකා කරන අන්ධ භක්තිකයන් ධනවාදී පන්තිය නියෝජනය කිරීමයි.තමා වටා ඇති ආරූඩ කර ගත් මාන්නය බසෙක දැමිය යුතු බව විවරණය කර දීමට අලවත්තයන් උත්සාහ දරයි.
                                                      “ කුසුම් සඳූම් දුම් සුවඳින් වැළකි

                                               ගත නැගි දාඩිය සුවදින් සැරසී

                                               දෙවියන් හා එක් ව්යහැක්කේ 

      සමාජයේ උසස් පැලැන්තිය කිසි විටෙක කම්කරුවන්ගේ දහඩියට ඇලුම් නොකරති. සෝභනය , මාන්නය හිස උදුම්මවා පුයර උලා ගත් නෝනාවරුන්ට මහත්වරුන්ට සැබෑ දෙවියන් දැකීමට සාමාන්‍ය ජනතාව අතරට පැමිනෙන ලෙස අනාවරණය කරයි.

    මේ ගීතයෙහි මහා ප්‍රාතිහාර්යක් කරන්නේ සංගීතාඥයාය. වැඩ කරන මිනිසාගේ කර්ණ කටෝර ස්වරය මිනිස් හඬ මඟින් මතු කිරීමට කේමදාසයෝ මහඟු වෑයමක යෙදෙති. ප්‍රේමසිරිකේමදාසයෝ සංගීත නිර්මාණය තුළින්ම කම්කරු පන්තියෙහි රැදි දුක පිළිබඳ සංයමයක් ඇති කිරීමට සමත් වී ඇත. සංගීතයට වඩා මිනිස් හඩෙහි ඇති බල පෞරුෂය මේ ගීතය සමාජගත කිරීමට අනුබලයක් විය. එහෙත් ඒ සියල්ල අභිබවා නැගී සිටින්නේ මේ ගීතයේ මතු වන සමාජ යථාර්ථයයි.

      ගීතය පුරාවට චිත්ත රූප නිරායාසයෙන් ගොඩනැගෙන්නේ ගීත රචකයා , ගායකයා , සංගීතාඥයා යන ත්‍රිකෝනයන්ගේ ඇති ප්‍රතිභා ශක්තිය හේතුවෙන් බව නැවත නැවතත් අනාවරණය කළ යුතුමය. කම්කරුවා කෙරෙහි ගීත රසවින්දකයාගේ මනසේ සංයමයක් ඇති කරයි. එකී සංයමය හදවතට පමණක් සීමා වූවක් නොවිය යුතුමය. කම්කරුවා වෙනුවෙන් හඬක් නැගිය යුතුමය. හඬ මෙන්ම ක්‍රියාවෙන්ද සාධාරණයක් විය යුතුමය. සැබෑ උතුම් මිනිස්කම ඉස්මතු වන්නේ එතැනය. ආචාර්ය ශ්‍රී අලවත්තයන්ගේ මේ ගීත රචනයේ ප්‍රයත්නය කොටගෙන ඇත්තේද සමාජ අසාධාරණයට ලක් වූ මිහිපිට සැබෑ මිනිසුන් වෙනුවෙන් හ`ඬ නැගීමටය.

      දෙවියන් අදහන මිනිසුන් සමඟ ගැටළුවක් මේ ගීතයේ තේමාවෙන් ඇති කර ගැනීමට අවශ්‍ය නොවේ. දෙවියන් ඇදහීම හෝ නොඇදහීම මිනිසුන්ගේ කැමැත්තය. එහෙත් නොපෙනෙන දෙවියන්ට දෙන ගෟරවයත් , වටිනාකමත් , ඇල්මත් මෙලොව වසන සැබෑ දෙවියන්ට එනම් දුක් වදින කම්කරුවන් හෙවත් සාමාන්‍ය ජනතාවට හිමි විය යුතු නොවන්නේමද. ගීතය පුරාවට නැවත නැවතත් අනාවරණය කරන්නේ එයමය. අන්ද භක්තිතයන් වෙනුවෙන් සියුම් උපහාසයක් මිස ද්වේශයක් හෝ වෛරවක් ඇති නොවන්නේ පද රචකයාගේ විශිෂ්ට ප්‍රතිභාව නිසාවෙනි.

        කෙසේ වුව ද සැබෑ දෙවියන් සිටින්නේ තවමත් ආවතේවකරුවන් ලෙස ය. දෙවියන් සිටින්නේ අදත් දෙවියන් සිටින තැන්වලමය. දෑස බැඳි කඩතුරාව තවමත් හැර දැමීමට අහංකාර අන්ද භක්තිකයන් සූදානම් නැත. හැත්තෑව දශකයේ මතු වූ සිංහල ගීත අතර අදත් අමරණීය ගීතයක් ලෙස අඳූරු කුටිය තුළ ගීතය රැදී පවතින්නේ සාමාන්‍ය කම්කරු ජනතාව විඳි අසාධාරණය මේ වන තුරුවත් සමාජයෙන් තුරන් වී නොමැති නිසාවෙන් බව තව දුරටත් පැවසිය යුතුමය.

   
                                                         
                                        නිසන්සලා තෙන්නකෝන් 


තොරතුරු වාර්ථාකරණයේ ආචාරධර්ම උල්ලංගනය වන අවස්ථා


         මානව සංහතියේ ආරම්භය දක්වා දිගු ඉතිහාසයක් සාර්ධර්මවලට පවති. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ටසම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාරධර්මවලින් ඔහුව මෙහෙයවනු නිසාය. මේ සඳහා ආදී ගෝත්‍ර සමාජ නොයෙකුත් ඇදහිලි , වත් පිළිවෙත් හේතු වන්නට විය. අපේ රටේ සන්නිවේදන ආචාරධර්මවල ඉතිහසට දෙසට අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ එහි නෛතික ඉතිහාසයට වඩා පැරණි ඉතිහාසයක් අප සතුව තිබෙන බවයි. එය අපේ බුදු දහම ඇසුරෙන් සම්පාදනය වුණු බෞද්ධආචාරධර්ම පද්ධතිය පසුබිම් කරගෙන නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. 
                ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවකාරී ව්‍යාප්තිය නිසා ආචාරධර්මීය ගැටලු රැසක් මතු වී තිබේ. මේ සන්නිවේදකයාට හෙවත් ජනමාධ්‍යවේදියාට සිය වගකීමෙන් නිදහස් වීමට කිසිසේත් හැකියාවක් නොමැත. ආචාරධර්ම යනු හැසිරීමේ ප්‍රමිතියකි. එබැවින් ජන මාධ්‍ය ආචාරධර්ම පිළිපැදීම මඟින් ජන මාධ්‍යයන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පුලුවන. ජන මාධ්‍ය දියුණු කර ගැනීම ඉතාමත් කාර්යක්ෂම මාර්ගය එම මාධ්‍යන් විසින්ම කරගනු ලබන ආචාරධර්මානුකූල පාලනය යැයි ඇමරිකාවේ නිදහස් පුවත්පත් කොමිසම පෙන්වා දෙයි.
              මාධ්‍යවේදීන් ආචාරශීලීවවගකීමෙන් යුතුව හැසිරෙන විට ජන මාධ්‍ය ද ආචාරශීලී වේ. එවිට ජනතා විශ්වාසය තහවරු වී වඩාත් ජනතාවට සමීප වේ. සදාචාරාත්මක හා දුරාචාරාත්මක චර්යාවන්ගෙන් යහපත් චර්යාව හැඳින ගැනීමට ජන මාධ්‍යවේදීන්ට මේ ආචාරධර්ම ඉවහල් වේ. මාධ්‍යවේදීන් සෑම දෙනාම මිනිසුන් වන බැවින් ඔවුන් පොදු සමාජයේම ජීවත් වන කොටසක් වන බැවිනුත් ඔවුන්ගේ හැසිරීමට උපදෙස් දෙනචර්යා මාලාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ. එනම් හරි වැරැද්ද තෝරා ගෙන මාධ්‍යවේදියාගේ චර්යාව යහපත් මාර්ගයටග ගැනීම සඳහා මඟ පෙන්වන ප්‍රතිපත්තියක් තිබීම අත්‍යාවශ්‍ය ය.
              ජන මාධ්‍යන්ගේ අසීමිත ව්‍යාප්තිය හේතු කොට ගෙන එකිනෙකා අතර මහත් තරඟකාරීත්වයක් පැන නැගී ඇත. එබැවින් සෑම සන්නිවේදන මාධ්‍යකම අපේක්ෂාව වන්නේ තොරතුරු වාර්තාකරණයේ දී අනෙක් සන්නිවේදන මාධ්‍ය අතර පළමු වැන්නා වීමට යි. මෙය හේතු මූලිකව මාධ්‍ය ආචාරධර්ම සුරැකෙන්නේ ද යන ගැටලුව ඉස්මතු වේ. ජනතාව මුලා නොකොට වගකීමෙන් යුතු සත්‍ය තොරතුරු වාර්තාකරණයටත් , පාඨක හා ප්‍රේක්ෂක වුවමනාවන්ට සංවේදීබව සහතික කිරීමටත් අරමුණු කොට ගෙන ජන මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයක් නිර්මාණය විය. වෙබ් අඩවිය ඇතුලු සියල්ම විද්‍යුත් , මුද්‍රිත මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් මේ ජන මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය පිළිපැදිය යුතුය.




                                     
                                                                     නිසන්සලා තෙන්නකෝන් 

Saturday, June 24, 2017

ජාන තාක්ෂණය

     
       හරිත විප්ලවයේ ප්‍රතිඵල අයහපත් ලෙස පිළිගත් සහ ආහාර නිෂ්පාදනයේ ප්‍රමාණවත් බවට ඉන් බලාපොරොත්තු වූ විසඳුම් නොලැබීම නිසා 20 වන සියවසේ වැදගත්ම සොයා ගැනීම ලෙසින් ජාන තාක්ෂණය ලොවට හඳුන්වා දෙන ලදී. ප්‍රවේණිගතව ජාන ලක්ෂණ පිළිඹිබු කරන අතර මිනිසා විසින් එකම වර්ගයේ ජාන හෝ වෙනස් ජීවීන්ගේ ජාන මුහු කිරීම මඟින් වඩා ඵලදායී ජීවයක් බිහි කර ගැනීම මින් සිදු විය. මෙය දෙවැනි හරිත විප්ලවය ලෙස හඳුන්වන අතර එමඟින් පළමු ජීවියාගේ හෝ ශාකයේ ගුණාංගවලට වඩා වෙනස් ගුණාංග ඇති ජීවියෙක් නැතහොත් ශාකයක් බිහි කෙරේ. මෙහිලා ප්‍රබල පිටිවහලක් ජීව ජානවල ඇති DNA අණු සොයා ගැනීම නිසා ඇති විය. 

          DNA අණුවක ජන්වීය ලක්ෂණ පිළිඹිබු කරයි. මේ අණු දෙවර්ගයක් එක් කිරීමෙන් නූතනයේ ධාන්‍ය , අල , එළවලු , පළතුරු , සහ සත්ත්ව නිෂ්පාදන ලෝකයට හඳුන්වා දුණි. ඒ යටතේ නිෂ්පාදනය කළ වී වරග ලෙස අධික විටමින් ප්‍රමාණයක් ඇති රන් සහල් වී වර්ගය රෝගකාරක කෘමීන් වර්ග හතකා ඔරොත්තු දෙන බව කියවේ. එසේම අප්‍රිකාවේ සාම්ප්‍රදායික වී වර්ග වූ ඔරිසා ග්ලෝවෙරිමා සමඟ අස්වනු වැඩි ඔරිසා සතීම මුහු කිරීමෙන් නෙරිකා නම් නව සහල් වර්ගය නිපදවා තිබේ. එසේම තිරිඟු සහ රයි ජාන මිශ්‍ර කොට නව තිරිඟු වර්ගයක් ද , BT කෝන් නම් බඩ ඉරිඟු වර්ගය ද , තෙල් ලබා ගැනීමට සෝයා බෝන්චි ද ආදී වශයෙන් වෙළෙඳපොළේ නිෂ්පාදන ගණනාවක් අද දැකිය හැකිය. 
 ජාන තාක්ෂණයේ වාසි
  • අස්වනු වැඩි කර ගැනීමට හැකි වීම.
  • බෝගවලා ලෙඩ රෝග් අඩු වීම.
  • විවිධ පරිසරවලට යෝග්‍ය පැළ වර්ග ලබා ගත හැකි වීම
  • දිගු කලක් ලබා ගත හැකි වීම
ජාන තාක්ෂණයේ අවාසි 
  • දීර්ඝකාලීනව රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ හැකියාව නැති වීම.
  • සාම්ප්‍රදායික බීජ වැනසී යාම.
  • නිෂ්පාදන මිනිස් සිරුරට අහිතකර වීම.
  • ජයිව විවිධත්වය විනාශ වීම.
  • ආක්‍රමණික ශාක සා සතුන් විනාශ වී යාම.
  • බහු ජාතික සමාගම් ගොවීන් සූරා කෑම.
  • ලෝක ආර්ථිකය සුළුතරයකගේ ඒකාධිකාරය බවට පත් වීම.
                      

                                   නිසන්සලා තෙන්නකෝන් 



හරිත විප්ලවය

   
     කෘෂි නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකර්මික ශිල්පීය ක්‍රමවල තාක්ෂණික වශයෙන් ඇති වූ ක්‍රියාවලිය හරිත විප්ලවය ලෙස් හැඳින් වේ. 1940 කාලවලදී තිරිඟු නිෂ්පාදනයේ වැඩි දියුණුව මූලික කර ගනිමින් ආරම්භ වූ මෙහි තාක්ෂණික ශිල්ප ක්‍රමවල දියුණුවත් විවිධ පරිසරයන්ට ඔරොත්තු දෙන බීජ වර්ග හඳුන්වා දීම කෘෂි රසායන , පළිබෝධ නාශක , වාරි ක්‍රම සහ යන්ත්‍ර සූත්‍ර භාවිතය මෙහිලා ප්‍රමුඛ විය.

       1943 දී මෙත්සිකෝව සිය ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට ඇරඹූ කෘෂි පර්යේෂණ ව්‍යාපෘතිය මෙහි මූලාරම්භය යි. ආචාර්ය නෝමන් බෝලෝග් ඇමරිකා එක්සත් ජනපදයේ රොකෆෙලර් සමාගමේ මූල්‍ය ආධාර මත සිදු කරන ලදී. මුලදී හරිත විප්ලවය නව ශාක මාදලී අභිජනනය සහ නව කෘෂි ශිල්ප ක්‍රම යොදා ගැනීම යන ප්‍රධාන ශීර්ෂ දෙක යටතේ ක්‍රියාත්මක වූවත් 1960 ගණන් වන විට මෙය ලොව පුරා ක්‍රයාත්මක විය. මෙත්සිකෝව 1965 දී සිය ආහාර අවශ්‍යතාවයෙන් 50% ක් ආනයනය කළ අතර 1964 වන විට ටොන් ලක්ෂ් නිර්‍යාත කරන ලදී.

        නව ශාක මාදලී බිහි කිරීම යටතේ එකම පවුලේ බෝග දෙකක් මුහුන් කිරීම සිදු කරන ලදී. මේ යටතේ වී වර්ග වැඩි අස්වනු ලබා ගැනීමට අවශ්‍ය නම් එබඳු වී වර්ග දෙකක් මුහුන් කොට නව වී වර්ෆ නිපදවා ගත හැකිය. නිදසුන් ලෙස IR 8 වී වර්ගත් රෙඩිරේඩි ගස්ලබු , තිස්ස රට කජු ප්‍රබේදය , නොරීන් තිරිඟු ආදිය දැක්විය හැකිය. අස්වනු වැඩි කිරීමෙහිලා පමණක් නොව දේශගුණ තත්ත්වයන්‍ට ඔරොත්තු දෙන බෝග වර්ග නිපදවීමේදී ද මෙමෙ ක්‍රමය අත්හදා බ්ලා තිබේ. ඒ අනුව අප්‍රිකානු ප්‍රදේශවලට වඩාත් උචිට්ග ලෙස නෙරිපාස් වී ප්‍රබේදය හඳුන්වා දී තිබේ. සමස්ථයක් ලෙස මේවා ලෙඩ රෝගවලට , කෘමි උවදුරුවලට ඔරොත්තු දෙන කෙටි කාල සීමාවකදී වැඩි අස්වනු ලබා දෙන බෝග වර්ග විය. මේවා බොහෝ විට රසායනාගාර තුළ පර්යේෂණ කොට හඳුන්වා දෙන ඒවාය.

          පටක රෝපණය වැඩි අස්වනු ලබා ගැනීමට සිදු කරන ලද තවත් පර්යේෂණයකි. එහිදී ද වඩාත් සුදුසු බෝග වර්ග දෙකක් හඳුනාගෙන එකවර පැළ දහස් ගණනක් ලබා ගැනීමට සහ ගුණාත්මක බවින් ඉහළ පැළ ලබා ගැනීමට කටයුතු කරන ලදී. මේ නිසා අඩු බිම් ප්‍රමාණයකින් ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවියා සමත් විය. ශාක සහ සත්ව දෙකොට්ඨාසයටම මේ නව තාක්ෂණ ක්‍රම භාවිතය නිසා ලෝක ජනතාවගේ සාගිනි නිවීමේ කර්තව්‍යය සාර්ථක වූ බව ලෝක කෘෂිකර්ම හා අහාර පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ. 

         නව බීජ වර්ග හෝ නව සත්ත්ව විශේෂ හඳුනා ගන්නා විද්‍යාව ජාන ඉන්ජිනේරු විද්‍ය්‍යාව ලෙස හැඳින්වෙන අතර නව ජීවියා ජාණ විකරණය කළ (GMO) ජීවියකු ලෙස හැඳින් වේ. ලොව සුපිරි වෙළෙදසැල් බොහෝමයක අලෙවියට අද තබා ඇත්තේ මෙබඳු GMO ශාක හෝ සත්ත්ව ආහාරයකි. 

හරිත විප්ලවයේ අවාසි
  • පරිසායට ඔරොත්තු නොදෙන කෘමිනාශක , වල් නාශක භාවිතය නිසා ජයිව විවිධත්වය විනාශ වීම
  • ගොවියාගේ සැගවුණු අස්වනු රටාව වියැකී යාම.
  • ඉඩම් ලවණීකරණය වීම.
  • භූගත ජල මට්ටම පහළ බැසීම
  • අනාරක්ෂිත ක්‍රම භාවිතය නිසා ගොවි ජීවිතයට හානි පැමිණීම.
  • බහු ජාතික සමාගම්වල ගොඳුරක් බවට පත් වීම.
  • නව නිෂ්පාදන මිනිස් සිරුරට අහිතකර වීම.
  • සාම්ප්‍රදායික ගොවි සංස්කෘතිය බිඳ වැටීම.
ආදිය දැක්විය හැකිය.


                                   නිසන්සලා තෙන්නකෝන් 


       

කෘෂිකර්මය පිළිබඳ හැඳින්වීමක්.

     
         කෘෂිකර්මය පිළිබඳ විවිධ අර්ථකථන සහ නිර්වචන ඇතත් මුල් කාලයේ කෘෂිකර්මය යන්නෙන් අදහස් වූයේ වනාන්තර සහ ගොවිබිම්වලින් ආහාර සහ භාණඩ සපයා ගැනීමයි. මානව ඉතිහාසයේ ආරම්භය තරම්ම කෘෂිකර්මයේ ඉතිහාසයද පැරණිය. ගස් බෙන , ගල් ගුහ , වාසස්ථාන කර ගත් මිනිසා වනාන්තරවලින් සපයා ගත් දෑ අවට විසි කිරීමෙන් ඇති වූ වගාවෙන් පළමු කෘෂිකර්මික පාඩම ඉගෙන ගන්නා ලදී. මේ අහඹු දැනුමත් සමඟ සතුන් හීලෑ කිරීම සහ බෝග හීලෑ කිරීම පිළිබඳව පුළුල් දැනුමක් ඔවුන්ට ලබා ගත හැකි විය.

    පසු කාලීනව ස්ථීර වාසස්ථාන ඇති කර ගැනීමත් සමඟ සත්ව සම් පමණක් නොව සම් , කිරි , ලොවි , රුධිරය ආදිය ද පරිභෝජනය කරන ක්‍රම අවබෝධ කර ගන්නා ලදී. එක් ඒකකයක්ව පැවති භූමියේ පැවති කෘෂිකාර්මික සම්ප්‍රදායන් මහද්වීප ප්ලවනයත් සමඟ වෙන් වූ භූමි ඒකකවල දේශගුණය හා බැඳෙමින් ක්‍රමයෙන් ලොව පුරා ව්‍යාප්ත වන්නට විය. ඒ නිසාම කෘෂිකර්මයේ ආරම්භය පිළිබඳ ප්‍රධාන මත දෙකකි.
  1. කෘෂිකර්මය එකම ප්‍රදේශයක ආරම්භ වී පාරිසරික බලපෑම් මත විවිධ දේශගුණවලදී වෙනස් වූ බව
  2. වෙන වෙනම ප්‍රදේශවල ආරම්භ වී පසුව මිශ්‍ර ව ව්‍යාප්ත වූ බව
    ආහාර ලබා ගැනීමටත් , අමුද්‍රව්‍ය නිපදවීමටත් ආරම්භ වූ කෘෂිකර්මය කාලයත් සමඟ පරිවර්තනය වන්නට විය. ඒ අනුව විවිධ යුගවලදී විවිධ පුද්ගලයන් එහි සංකීර්ණ බව සලකා වර්ගීකරණය ඉදිරිපත් කරන ලදී. එහිදී නිර්ණායක ලෙස දේශගුණය , යෙදවුම් ප්‍රමාණ , ගොවිපලේ ප්‍රමාණය , යැපුම් කෘෂිකර්මය ද , වාණිජ කෘෂිකර්මය ද යන සිද්ධාන්ත මූලික විය.

     කෙසේ වුවත් ලෝක ජන ගහනයෙන් 3/4 කටත් වඩා නියැලෙන ආර්ථිකය කටයුත්තක් ලෙසින් ලෝක ආර්ථිකය තුළ කැපී පෙනෙන බව පෙනේ. එක් එක් රටවලදී කෘෂිකර්මයේ අරමුණ , එමඟින් ආර්ථිකයට දායක වන ප්‍රමාණය , තාක්ෂණය මුසු කර ගැනීම විවිධ මට්ටමින් පවතින නිසා o.e බේකර් , ග්‍රිෆිත් ටේලර් , ඩාර්වින් විට්ල්සි , ඩී.බී ග්‍රීග් වැන්නන් ලෝක කෘෂිකර්මය විවිධ ලෙසින් වර්ග කර තිබේ.

         20 වන සියවසේ කෘෂිකර්මය මහා පරිමාණ වශයෙන් විප්ලවයකට බඳුන් විය. හේතුව වේගයෙන් වැඩි වන ජන ගහනයට ආහාර සැපයීමට උපාය මාර්ග සෙවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එතෙක් කෘෂිකර්මය තුළ නොවූ විරූ අස්වනු ප්‍රමාණයක් , වගා බිම් ඵලදායිතාවක් මේ නිසා ඇති වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ මේ විප්ලවයේ පළමු පියවර හරිත විප්ලවය ලෙස හැඳින් වේ.



                     
                                               
                       
                                                                      නිසන්සලා තෙන්නකෝන් 


Friday, June 23, 2017

ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව

   
         ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනයේදී වැදගත්වන ප්‍රධානම ලක්ෂණය වන්නේ ජන සංඛ්‍යා වර්ධනය යි. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව සොයා බැලීමට ජන සංගණන වාර්තා වැදගත් වේ. මෙරට මුල් වරට ජන සංගණනයක් සිදු කළේ 1871 දීය. එම වසරේදී රටේ මුලු ජන සංඛ්‍යාව මිලියන 2.4 ක් විය. දිවයිනේ අවසන් සංගණනය පැවැත් වූයේ 2012 වසරේදී ය. කෙසේ වූවත් මුලු දිවයිනම ආවරණය වන පරිදි සංගණනයක් පැවැත් වූයේ 2012 වසරේදී ය. 2001 දී ආවරණය වූයේ දිස්තිරික්ක 18 ක් පමණි. 

     ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා වර්ධනයේ ඓතිහාසික විකාශනය සැළකීමේදී ස්වභාවික වර්ධනයත් සංක්‍රමණික වර්ධනයත් බලපා තිබේ. 1871-1930 පමණ දක්වා ලංකාවේ ජන සංඛ්‍යා වර්ධනය කෙරෙහි සංක්‍රමණය බෙහෙවින් බලපා තිබේ. 1871-1881 දක්වා සංක්‍රමණික වර්ධනය ස්වභාවික වර්ධනය ඉක්මවා ඇත. දිවයිනේ වතු වගාවට ඉන්දියානු කම්කරුවන් ගෙන්වීම මීට බලපා ඇත. එම කාලයේදී මරණ අනුපතිකය ඉහළ මට්ටමක තිබීමෙන් ස්වභාවික වර්ධනය අඩු විය. 20 වන සියවසේ මැද භාගයේ සිට උපත් අනුපාතය ඉහළ යාමත් , මරන අනුපාතිකය අඩු වීමත් නිසා ස්වභාවික වර්ධනය දිවයිනේ ජන සංඛ්‍යාව වර්ධනයට හේතු විය. සංක්‍රමණ ක්‍රමයෙන් අඩු වූ අතර නිශ්ක්‍රමණ වැඩි විය. 

         1971- 1991 දක්වා දශක දෙක තුළදී දිවයිනේ විදේශ ගත වූ සංඛ්‍යාව වැදි වී ඇත. මැද පෙරදිග රටවලට රැකියා සඳහා ලාංකිකයන් යෑම මිට හේතුවයි. එසේම දශක දෙක තුළ උතුරු නැගෙනහිර් පැවතුණු සිවිල් යුද්ධය ලාංකිකයන් විදේශගත කරවීමට බලපෑ ප්‍රබල තල්ලුකිරීමේ සාධකයකි. මෙම තත්ත්වය විදේශ සංක්‍රමණ සඳහා පමණක් නොව අභ්‍යන්තර සංක්‍රමණ කෙරෙහිද බලපා ඇත. මුල් කාලයේදී ද්‍රවිඩ වතු කම්කරුවන් පැමිණීමෙන් මාධ්‍ය කඳුකරයේ ජන සංඛ්‍යාව වැඩි විය.

        මෙමඟින් ජන ව්‍යාප්තිය වෙනස් වී තෙත් කලාපය ජනාධික විය. ඉන් පසුව ගොවි ජනපද ව්‍යාපාර බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රම මහවැලි ජනාවාස නිසා වියළි කලාපයේ ජන සංඛ්‍යාව වැඩි වීමක් සිදු විය. නැවත පදින්චි කිරීම සිදු වූ බැවිනි. නමුත් සිවිල් යුද්ධය නිසා නැවතත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල , මුස්ලීම් සහ ද්‍රවිඩ යන තුන් වර්ගයටම අයත් ජනයා එම ප්‍රදේශ අතහැර පුත්තලම , කොළඹ ආදී දිස්ත්‍රික්කවලට සංක්‍රමණය විය. මෙමඟින් ජන ව්‍යාපෘතියේ වෙනසක් සිදු විය.

          2000 වර්ෂයෙන් පසු මේ දක්වා කාලය ගත් විට ලංකාවේ ජන සංඛ්‍යාවේ වර්ධන වේගය 2001 දී 1.1 ද , 2007 දී ඇස්තමේන්තුගත වර්ධනය වේගය 0.6 ද විය. එය 2014 වන් විට 0.86 ක් වී ඇත. මෙම ජන සංඛ්‍යා වර්ධනයේදී වැඩිම වර්ධන වේගයක් සටහන් ව ඇත්තේ අම්පාර , මුලතිව් , වව්නියාව යන දිස්ත්‍රික්කවලය. අඩුම වර්ධන වේගය දක්නට ඇත්තේ යාපනය , නුවරඑළිය , කෑගල්ල , ගාල්ල , මහනුවර , මාතර , බදුල්ල යන දිස්ත්‍රික්කවලය.

ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව වර්ධනයට බලපාන     
සාධක 

  • උපත් සංඛ්‍යාව 
  • මරණ සංඛ්‍යාව 
  • සාපල්‍යතාව 
  • සංක්‍රමණ 


                                      නිසන්සලා තෙන්නකෝන් 


ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...