Saturday, June 24, 2017

කෘෂිකර්මය පිළිබඳ හැඳින්වීමක්.

     
         කෘෂිකර්මය පිළිබඳ විවිධ අර්ථකථන සහ නිර්වචන ඇතත් මුල් කාලයේ කෘෂිකර්මය යන්නෙන් අදහස් වූයේ වනාන්තර සහ ගොවිබිම්වලින් ආහාර සහ භාණඩ සපයා ගැනීමයි. මානව ඉතිහාසයේ ආරම්භය තරම්ම කෘෂිකර්මයේ ඉතිහාසයද පැරණිය. ගස් බෙන , ගල් ගුහ , වාසස්ථාන කර ගත් මිනිසා වනාන්තරවලින් සපයා ගත් දෑ අවට විසි කිරීමෙන් ඇති වූ වගාවෙන් පළමු කෘෂිකර්මික පාඩම ඉගෙන ගන්නා ලදී. මේ අහඹු දැනුමත් සමඟ සතුන් හීලෑ කිරීම සහ බෝග හීලෑ කිරීම පිළිබඳව පුළුල් දැනුමක් ඔවුන්ට ලබා ගත හැකි විය.

    පසු කාලීනව ස්ථීර වාසස්ථාන ඇති කර ගැනීමත් සමඟ සත්ව සම් පමණක් නොව සම් , කිරි , ලොවි , රුධිරය ආදිය ද පරිභෝජනය කරන ක්‍රම අවබෝධ කර ගන්නා ලදී. එක් ඒකකයක්ව පැවති භූමියේ පැවති කෘෂිකාර්මික සම්ප්‍රදායන් මහද්වීප ප්ලවනයත් සමඟ වෙන් වූ භූමි ඒකකවල දේශගුණය හා බැඳෙමින් ක්‍රමයෙන් ලොව පුරා ව්‍යාප්ත වන්නට විය. ඒ නිසාම කෘෂිකර්මයේ ආරම්භය පිළිබඳ ප්‍රධාන මත දෙකකි.
  1. කෘෂිකර්මය එකම ප්‍රදේශයක ආරම්භ වී පාරිසරික බලපෑම් මත විවිධ දේශගුණවලදී වෙනස් වූ බව
  2. වෙන වෙනම ප්‍රදේශවල ආරම්භ වී පසුව මිශ්‍ර ව ව්‍යාප්ත වූ බව
    ආහාර ලබා ගැනීමටත් , අමුද්‍රව්‍ය නිපදවීමටත් ආරම්භ වූ කෘෂිකර්මය කාලයත් සමඟ පරිවර්තනය වන්නට විය. ඒ අනුව විවිධ යුගවලදී විවිධ පුද්ගලයන් එහි සංකීර්ණ බව සලකා වර්ගීකරණය ඉදිරිපත් කරන ලදී. එහිදී නිර්ණායක ලෙස දේශගුණය , යෙදවුම් ප්‍රමාණ , ගොවිපලේ ප්‍රමාණය , යැපුම් කෘෂිකර්මය ද , වාණිජ කෘෂිකර්මය ද යන සිද්ධාන්ත මූලික විය.

     කෙසේ වුවත් ලෝක ජන ගහනයෙන් 3/4 කටත් වඩා නියැලෙන ආර්ථිකය කටයුත්තක් ලෙසින් ලෝක ආර්ථිකය තුළ කැපී පෙනෙන බව පෙනේ. එක් එක් රටවලදී කෘෂිකර්මයේ අරමුණ , එමඟින් ආර්ථිකයට දායක වන ප්‍රමාණය , තාක්ෂණය මුසු කර ගැනීම විවිධ මට්ටමින් පවතින නිසා o.e බේකර් , ග්‍රිෆිත් ටේලර් , ඩාර්වින් විට්ල්සි , ඩී.බී ග්‍රීග් වැන්නන් ලෝක කෘෂිකර්මය විවිධ ලෙසින් වර්ග කර තිබේ.

         20 වන සියවසේ කෘෂිකර්මය මහා පරිමාණ වශයෙන් විප්ලවයකට බඳුන් විය. හේතුව වේගයෙන් වැඩි වන ජන ගහනයට ආහාර සැපයීමට උපාය මාර්ග සෙවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එතෙක් කෘෂිකර්මය තුළ නොවූ විරූ අස්වනු ප්‍රමාණයක් , වගා බිම් ඵලදායිතාවක් මේ නිසා ඇති වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ මේ විප්ලවයේ පළමු පියවර හරිත විප්ලවය ලෙස හැඳින් වේ.



                     
                                               
                       
                                                                      නිසන්සලා තෙන්නකෝන් 


5 comments:

ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...