ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනයේදී වැදගත්වන ප්‍රධානම ලක්ෂණය වන්නේ ජන සංඛ්‍යා වර්ධනය යි. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව සොයා බැලීමට ජන සංගණන වාර්තා වැදගත් වේ. මෙරට මුල් වරට ජන සංගණනයක් සිදු කළේ 1871 දීය. එම වසරේදී රටේ මුලු ජන සංඛ්‍යාව මිලියන 2.4 ක් විය. දිවයිනේ අවසන් සංගණනය පැවැත් වූයේ 2012 වසරේදී ය. කෙසේ වූවත් මුලු දිවයිනම ආවරණය වන පරිදි සංගණනයක් පැවැත් වූයේ 2012 වසරේදී ය. 2001 දී ආවරණය වූයේ දිස්තිරික්ක 18 ක් පමණි.
ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා වර්ධනයේ ඓතිහාසික විකාශනය සැළකීමේදී ස්වභාවික වර්ධනයත් සංක්‍රමණික වර්ධනයත් බලපා තිබේ. 1871-1930 පමණ දක්වා ලංකාවේ ජන සංඛ්‍යා වර්ධනය කෙරෙහි සංක්‍රමණය බෙහෙවින් බලපා තිබේ. 1871-1881 දක්වා සංක්‍රමණික වර්ධනය ස්වභාවික වර්ධනය ඉක්මවා ඇත. දිවයිනේ වතු වගාවට ඉන්දියානු කම්කරුවන් ගෙන්වීම මීට බලපා ඇත. එම කාලයේදී මරණ අනුපතිකය ඉහළ මට්ටමක තිබීමෙන් ස්වභාවික වර්ධනය අඩු විය. 20 වන සියවසේ මැද භාගයේ සිට උපත් අනුපාතය ඉහළ යාමත් , මරන අනුපාතිකය අඩු වීමත් නිසා ස්වභාවික වර්ධනය දිවයිනේ ජන සංඛ්‍යාව වර්ධනයට හේතු විය. සංක්‍රමණ ක්‍රමයෙන් අඩු වූ අතර නිශ්ක්‍රමණ වැඩි විය.
1971- 1991 දක්වා දශක දෙක තුළදී දිවයිනේ විදේශ ගත වූ සංඛ්‍යාව වැදි වී ඇත. මැද පෙරදිග රටවලට රැකියා සඳහා ලාංකිකයන් යෑම මිට හේතුවයි. එසේම දශක දෙක තුළ උතුරු නැගෙනහිර් පැවතුණු සිවිල් යුද්ධය ලාංකිකයන් විදේශගත කරවීමට බලපෑ ප්‍රබල තල්ලුකිරීමේ සාධකයකි. මෙම තත්ත්වය විදේශ සංක්‍රමණ සඳහා පමණක් නොව අභ්‍යන්තර සංක්‍රමණ කෙරෙහිද බලපා ඇත. මුල් කාලයේදී ද්‍රවිඩ වතු කම්කරුවන් පැමිණීමෙන් මාධ්‍ය කඳුකරයේ ජන සංඛ්‍යාව වැඩි විය.
මෙමඟින් ජන ව්‍යාප්තිය වෙනස් වී තෙත් කලාපය ජනාධික විය. ඉන් පසුව ගොවි ජනපද ව්‍යාපාර බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රම මහවැලි ජනාවාස නිසා වියළි කලාපයේ ජන සංඛ්‍යාව වැඩි වීමක් සිදු විය. නැවත පදින්චි කිරීම සිදු වූ බැවිනි. නමුත් සිවිල් යුද්ධය නිසා නැවතත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිංහල , මුස්ලීම් සහ ද්‍රවිඩ යන තුන් වර්ගයටම අයත් ජනයා එම ප්‍රදේශ අතහැර පුත්තලම , කොළඹ ආදී දිස්ත්‍රික්කවලට සංක්‍රමණය විය. මෙමඟින් ජන ව්‍යාපෘතියේ වෙනසක් සිදු විය.
2000 වර්ෂයෙන් පසු මේ දක්වා කාලය ගත් විට ලංකාවේ ජන සංඛ්‍යාවේ වර්ධන වේගය 2001 දී 1.1 ද , 2007 දී ඇස්තමේන්තුගත වර්ධනය වේගය 0.6 ද විය. එය 2014 වන් විට 0.86 ක් වී ඇත. මෙම ජන සංඛ්‍යා වර්ධනයේදී වැඩිම වර්ධන වේගයක් සටහන් ව ඇත්තේ අම්පාර , මුලතිව් , වව්නියාව යන දිස්ත්‍රික්කවලය. අඩුම වර්ධන වේගය දක්නට ඇත්තේ යාපනය , නුවරඑළිය , කෑගල්ල , ගාල්ල , මහනුවර , මාතර , බදුල්ල යන දිස්ත්‍රික්කවලය.
ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව වර්ධනයට බලපාන
සාධක

- උපත් සංඛ්‍යාව
- මරණ සංඛ්‍යාව
- සාපල්‍යතාව
- සංක්‍රමණ
නිසන්සලා තෙන්නකෝන්
Wedagath lipiyak
ReplyDeleteSthuthi
DeleteWedagath lipiyak
ReplyDeleteOba liyana lipi mm nitharama balanawa.obe adahadms dekwima ithamath ihalai.watina adahas resak me lipi wala anthargath wela thiyanawaobata jaya
ReplyDeleteSthuthi taranga obata
DeleteOba liyana lipi mm nitharama balanawa.obe adahadms dekwima ithamath ihalai.watina adahas resak me lipi wala anthargath wela thiyanawaobata jaya
ReplyDelete