සමාජ සංස්ථා අතර අධ්‍යාපන සංථාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පුද්ගලයකුගේ අනාගතය තීරණය කිරීම සම්බන්ධයෙන් විශිෂ්ට කාර්යයක් අධ්‍යාපන සංස්ථාවට පැවරේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශික්ෂණය ගොඩනැගීමට පාසල තුළින් සිදු වන්නේ ඉමහත් සේවයකි.
වර්තමාය වන විට මෙකී පසල් තුළ ගැටලු රෙසක් මතු වී ඇති බව පැහැඳිළි ය. පාසල් ළමුන්ගේ විනය පිළිබඳ ගැටලුවක් පවතින බව නොයෙක් මාධ්‍යවලින් පවා දැන ගත හැකිය. එය සමාජ විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක දෘෂ්ටියකි හැදෑරිය යුතු ගැටලුවකි. අධ්‍යාපනයේ අරමුණු අතර චරිත සංවර්ධනය මෙන්ම විනය ගරුක බවද ඉතා වැදගත් වෙයි. සිරිත් මල්දම , ලෝවැඩ සඟරාව ඈ විශිෂ්ට නිර්මානයන් විනය හික්මීමට අති මහත් බලපෑමක් සිදු කරයි. අනාගතයේ දී මෙම පොත් වනපොත් කිරීම සිදු විය. නමුත් වර්තමානයේ පාසල් සිසුන් මේවායින් දුරැස් වන බවක් දක්නට ලැබේ. මානව ගුන වගාව , සාරධර්ම අමතක් කොට භෙෳතික අංශ කෙරෙහි පෙළඹවිමක් පෙනෙන්නට ඇත.
සමාජ බටහිර වානිජ රැල්ලට ගසාගෙන යන ක්‍රමයකදී ගුරුවරයා පමණක් ඉන් ගලවා ගැනීමට නොහැකිය. 7.30 සිට 1.30 දක්වා රාමුවකට කොටු වී වැටුපට වැඩ කරන්නෙකු බවට ගුරුවරයා පත් විය. මේ නිසා යම් විනය විනය පිළිබඳ ගැටලු මතු වන්නට විය. ශිෂ්‍යයාගේ විනය , ශික්ෂණය ගොඩනැගීමට ගුරුවරයාට පැවරෙන්නේ ඉමහත් වගකීමකි. වාණිජ රැල්ලට හසු වී ඇති වර්තමාන ගුරුවරුන්ගේ ගුරු භූමිකාව දෙස බැලූ විට ගුරුවායා සිය වගකීමට එහා ගිය වාණිජ පරමාර්ථ කෙරෙහි වන නැඹුරුව ඉහළ බැවු පැහැඳිළි ය. පෞද්ගලික පන්ති , ජාත්‍යන්තර පාසල් ජැනි මෑත කාලීනව අධ්‍යාපනයේ ඇති වූ වෙනස්කම් නිසා ළමුන්ට විකල්ප අවස්ථා ඇති විය. පෞද්ගලික පන්තිවල ඕනෑ තරම් අපගාමී චර්යාවල නිරත විය හැකිය. එසේ වුවද එම පගාමී චර්යාවලට දඩුවමක් ලැබෙන්නේ නැත. ටියුෂන් ගුරුවරුන්ගේ අරමුණ වන්නේ ළමුන් ආකර්ෂණය කොට බැද තබා ගැනීමයි. එබැවින් ළමුන්ට දඩුවම් කිරීමට තරම් පෙළඹීමක් පෞද්ගලික පන්තිවල නොමැත.
අනෙක් පසින් වර්තමානයේ පාසල් ළමුන් අනිසි ලෙස නව මාධ්‍ය භාවිතයට පෙළඹීම කණගාටුවට කරුණකි. නිල් චිත්‍රපට නැරඹීම , මුහුණුපොත භාවිතය , youtub භාවිතය නිසා සමලිංගික කටයුතු , සාපරාධී ක්‍රියාවල යෙදීම , මත් ද්‍රව්‍ය භාවිතයට පෙළඹීම , අනවශ්‍ය ලෙස පාසල් ප්‍රේම සම්බන්ධතාවලට යොමු වීම , ගුරු - දෙගුරු අණට කීකරු නොවීම ආදී විනය ගැටලු රෙසක් වර්තමානය වන විට ඉස්මතු වී ඇති බව පැහැඳිළි ය.
තරඟකාරී සමාජයක බිහිසුණු අපචාරී සුළංකෝඩවලට හසු වීමට පාසල් දරුවාට ඉඩ නොතබා විනයකාමි , ශික්ෂණයෙන් හෙඹි පුද්ගලයෙකු බවට පත් කොට හෙට ලොවට මංපෙත් විවර කිරීම , පාසල් අධ්‍යාපනය නිසි ලෙස ලබා දිම ගුරුවරුන්ගේ වගකීමයි. බාහිර විශය සමගාමී ක්‍රියාකාරකම්වලට යොමු කොට , භාෂා කුසලතා පරිපූර්ණ කොට , පරිසරය අගය කරන්නෙකු බවට ඔආසල් දරුවා යොමු කිරීමට හැකි නම් විනයගරුක දරුවන් හෙට දිනට දායාද කිරීමට හැකියාව සමස්ථ පාසල් පද්ධතියටම හැකියාව ලැබෙනු ඇත.
නිසන්සලා තෙන්නකෝන්
ඔබේ අදහස් පහත දක්වන්න. එය මහත් සේ අගය කරමි.
No comments:
Post a Comment