Sunday, June 11, 2017

ප්‍රාදේශීය වාර්තාකරණය සහ ඒ ආශ්‍රිත ගැටලු .


        තාක්ෂණය කෙතරම් දියුණු වී ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල පෙරලියක් සිදු වි තිබුණ ද වාර්තාකරුවන්ට හිමි තැනට මේ වන තුරු කිසිවකුටත් අභියෝග කිරීමට හැකියාවක් ලැබී නැත. එහිදී ප්‍රාදේශීය වාර්තාකරවන්ගේ භූමිකාව සුවිශේෂී වෙයි. 

         ප්‍රාදේශීය වාර්තාකරුවා තමන් සේවය කරන ජනමාධ්‍යට වගකිව යුතු වුවත් මාණඩලික වාර්තාකරවන් මෙන් දිනපතා වාර්තාකරණය කළ යුතු නොවේ. ඔවුනට ස්ථීර වැටුපක් නොමැති අතර වැටුප හිමි වන්නේ මාධ්‍යට වාර්තාකරණය කරන දෑ පලවන ප්‍රමාණය අනුවය. ප්‍රාදේශීය වාර්තාකරුවන්ට පවතින ප්‍රධානම ගැටලුව වන්නේ මෙයයි. මාධ්‍ය ආයතන ප්‍රාදේශීය වාර්තාකරුවන් හට ගෙවීම සිදු කරන්නේ ඡායාරූප හෝ ප්‍රවෘත්ති වාර්ථා පලවන ආකාරයටය. එබැවින් ඔවුන්ගේ  එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අපහසුය. රූපවාහිනී මාධ්‍යවල අදාළ ගෙන්වීම් තරමක් ඉහළ වුවද මුද්‍රිත මාධ්‍ය හා ගුවන්විදුලි මාධ්‍ය ආයතනවල එය සෑහීමකට පත් විය නොහැකි තරම් පහළ මට්ටමක පවතී. 


           මේ හේතුව නිසාම ඇතැම් වාර්තාකරවන් වෙනත් රැකියාවල නිරත වන අතරතුර වාර්තාකරුවකු ලෙස කටයුතු කිරීම සිදු කරයි. එය වාර්තාකරණයේ විශ්වසනීයත්වයට බලපායි. විධිමත් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් නොමැති වීම සහ එක් වාර්තාකරුවකු ආයතන කිහිපයක සේවය කිරීම ද ප්‍රවෘත්තිවල විශ්වසනීයත්වයට බලපායි. මහනුවර වැනි තෝරා ගත් නගර කිහිපයක හැරුණු විට ප්‍රාදේශීය කාර්‍යාල පිහිටුවා නැත. එම කාර්‍යාල ද වැඩි අවධානයක් ලබා දී ඇත්තේ දැන්වීම් කටයුතු සම්බන්ධීකරණය කිරීමටය. එබැවින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශය පවතින්නේ දුර්වල මට්ටමේය. එම නිසා එම කාර්‍යාල කිහිපයෙන්ද ප්‍රාදේශීය ප්‍රවෘත්ති මනා ලෙස සම්බන්ධීකරණය කිරීමක් සිදු වන්නේ නැත. 

               ප්‍රාදේශීය වාර්තාකරුවන්ට පවතින තවත් ප්‍රධාන ගැටලු කිහිපයකි. ඒ අතර පිළිගත් වැටුප් ක්‍රමයක් නොමැති වීම , ගමන් ගාස්තු , දුරකථන පහසුකම් නොමැතිවීම , කැමරා ආම්පන්න ආදිය නොමැති වීම ආදී වෘතීය අවශ්‍යතා කිසිමක් නොමැති වීම යන කරුණුද මූලිකය. ප්‍රාදේශීය වාර්තාකරවන්ට අවශ්‍ය කඩදාසි තොගය නිසි පරිදි ලැබෙන්නේද ඉතා කලාතුරකිනි. ප්‍රාදේශීය වාර්තාකරුවන් අයත් මාධ්‍ය ආයතනය මඟින් කිසිදු මඟපෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක් නොවීමද ප්‍රධාන කරුණකි. ගංවතුර , නායයෑම් වැනි හදිසි අවස්ථා ක්ෂණිව වාර්තාකරණය කිරීමේදී ප්‍රාදේශීය වාර්තාකරුවන්ට මේ නිස ගැටලු සහගත වීම සිදු වේ. 

              ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරවන්ට බලපාන මෙවැනි පොදු ගැටලු නිසාම වර්තමානයේ දී බොහෝ ජනමාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශය නමින් වෙනමම අංශයක් ද ස්ථාපිත කොට ඇත. ප්‍රවෘත්ති කතෘවරයෙක් හෝ අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එය පවත්වාගෙන යන අවස්ථා දක්නට ලැබේ. මීට වසර ගණනාවකට ඔඑර ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශය නමින් වෙනමම අංශයක් බොහෝ මාධ්‍යවල නොතිබුණ අතර ප්‍රවෘත්ති අංශයේ කතුවරයාම ප්‍රාදේශීය ප්‍රවෘත්ති අධීක්ෂණය කරන ලදී. නමුත් අද වන විට ප්‍රාදේශීය ප්‍රවෘත්ති පල කිරීම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය කොට ඇති අතර ප්‍රාදේශීය ප්‍රවෘත්තිවල වෙන වෙනම ප්‍රාදේශීය පිටපත් මුද්‍රණයක් ආරම්භ කොට තිබේ.

             විද්‍යුත් මාධ්‍ය ආයතනවල ද ප්‍රාදේශීය ප්‍රවෘත්ති විකාශන වෙනම ඉදිරිපත් කරයි. නමුත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සහ ප්‍රාදේශීය වාර්තාකරුවන් ආශ්‍රිතව දක්නට ලැබෙන තවත් ගැටලු රාශියක් තිබෙන බව කිව යුතුය. එබැවින් එය ප්‍රවෘත්තිවල තිබිය යුතු විශ්වසනීයත්වයට ද අඩු වැඩි වශයෙන් බලපායි. කෙසේ වුවද මෙම ගැටලුවලට පිළියම් යෙදීමෙන් ප්‍රාදේශීය වාර්තාකරවන්ට සහනයක් ලබා දීම කළ යුතුම කාර්‍යයකි. 

  • ප්‍රවෘත්තිවලට ගෙවන මුදල වැඩි කිරීම.
  •  මාසිකව ස්ථීර දිමනාවක් ලබා දීම. 
  • සහනදායී බිල්පත් ක්‍රමාක් යටතේ දුරකථන පහසුකම් සහ ජංගම් දුරකතන් පහසුකම් ලබා දීම.
  •  ලිපි ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි ලබා දීම.
  • රෙකෝඩර් යන්ත්‍ර ලබා දීම.
  • දුරබැහැර ප්‍රවෘත්ති ආවරණවලට යන විට ගමන් ගාස්තු ලබා දීම.
  • විශ්‍රාම වැටුපක් ලබා දීම.
  • දේශපාලන බලපේම්වලින් නිදහස් කිරීම.
  • ජනමාධ්‍ය නිදහස ලබා දීම.
  යනාදී පිළියම් යෙදීමට මාධ්‍ය ආයතන අවධානය යොමු කරීම සුදුසුය. ප්‍රාදේශීය ප්‍රවෘත්ති සඳහා දැනට ලබා දෙන ඉඩකඩ ප්‍රමාණවත් නොවන අතර සැළකිය යුතු ඉඩක් ඒ සඳහා ලබා දීම සුදුසුය. පළවන ප්‍රවෘත්ති ප්‍රමාණයට පමණක් ගෙවන වර්තමාන ක්‍රමය සුදුසු පරිදි සශෝධනයට ලක්විය යුතුය. ස්ථීර වැටුපක් ගෙවීමට ජනමාධ්‍ය ආයතනවලට ආර්ථික වශයෙන් අපහසු කාර්‍යක් නම් අවම මාසික දීමනාවක් ලබා දෙමින් පලවන ප්‍රවෘත්ති සඳහා ගෙවීමේ ක්‍රමයක් සකස් කළ යුතුය. ඒ තුළින් මාධ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වාර්තාකරුවන් යන දෙපාර්ශවයටම සතුටු විය හැකිය.



               
                                     නිසන්සලා තෙන්නකෝන් 
        
ඔබේ අදහස් පහත දක්වන්න. එය මහත් සේ අගයමි.
    

10 comments:

ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...