Monday, June 12, 2017

තවත් එක් සුද්දි කෙනෙක් නොවේ.....



        ප්‍රතිභාපූර්ණ තරුණ සිනාමාකරුවකු වන ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ' සන්කාරා ' , ' කර්ම ' යන චිත්‍රපටවලට පසුව නිර්මාණය කළ තවත් විශිෂ්ට නිර්මාණයක් තමයි ඔහුගේ  ' 28 ' චිත්‍රපටය. වර්තමානයේ සිනමාව පිරිහීමට පත්ව ඇති බව වගේම සිනමාවේ දුර්වලතා පිළිබඳ කතිකාවකට ලක් වී ඇති යුගයක මෙවැනි ඉතා විශිෂ්ට නිර්මාණයකට මුල පිරීම සතුටට කාරණාවක්.

          මිනිස්සුන්ට පමණක් නොව සතුන්ටද තම වර්ගයා බිහි කිරීම කියන කාරණය තුළ ලිංගිකත්වය යන්න පොදුවුවක්. ලංකාවේ සංස්කෘතිය තුළ ලිංගිකත්වය යන්න තවමත් හැංගි හැංගි වෙස් බැදීමක් වගේ. ඒ පිළිබඳ විවෘත වීමක් කතා කිරීමක් නැහැ. එවැනි සමාජයක බුද්ධ්මය සංවාදයක් ඇති කිරීමට ' 28 ' චිත්‍රපටයට හැකි වී තිබෙනවා. චිත්‍රපටය තුළ රූපය මඟින් ලිංගිකත්වය හුවා දක්වනවා වෙනුවට දෙබස් තුළින් ඒ පිළිබඳ ඉස්මතු කිරීම සිදු වෙනවා. 

              අමසිරි තමන්ගේ බිරිඳගේ ලිංගික අවයව ප්‍රථම වරට දකින්නේ මෝචරියේ එම්බාම් ලෑල්ල උඩ. ඒ වගේ අවස්ථාවක අමසිරිට දැනෙන වේදනාව , හැඟීම මේ චිත්‍රපටය තුළ මැනවින් නිරූපණය කරල තියනවා. මෙරට සංස්කෘතිය තුළ විවාහක යුවලකට තමන්ගේ ලිංගික ජීවිතයේ එකිනෙකාට විවෘත වෙන්නට පුලුවන්කමක් නැහැ. මේ දර්ශනය මේ යථාර්ථය සාර්ථව ඉස්මතු කරනවා.

      චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයාට මතු වන ප්‍රශ්නයක් තමයි සුද්දිගේ මරණය. සුද්දිගේ මරණයට හේතුව කිසි විටකවත් චිත්‍රපටය තුළ නිරූපණය කරන්නේ නැහැ. චිත්‍රපටය අවසාන වන්නේ මේ කුතුහලය ප්‍රේක්ෂකයා තුළ එලෙසම පවතිද්දී. චිත්‍රපටය තුළින් තාත් එක් සුද්දී කෙනෙකුගේ කතාව පමණක් නොව සමස්ථ සමාජයේම සුද්දිලා නිරූපණය වෙනවා. 

        සරල වින්දනයක් මෙන්ම ඉන් ඔබ්බට ගිය ගැඹුරු වින්දනයක්ද මේ තුළ කැටි වී තිබෙන අතර සරල වින්දනයක් ලබනවාද ගැඹුරු වින්දනයකට යනවාද යන්න එය නරඹන ප්‍රේක්ෂකයා අනුව තීරණය වෙනවා. ' 28 ' යන චිත්‍රපටයට යොදා ඇති නම ගැඹුරු වින්දනයකට යන්නට ප්‍රේක්ෂකයාට අනුබල දෙනවා. ප්‍රේක්ෂකයා බුද්ධ්මය කතිකාවකට ගෙන යන ' 28 ' චිත්‍රපටය ඉතාමත් සාර්ථක නිර්මාණයක් බව සඳහන් කරන්න පුලුවන්.

                                 නිසන්සලා තෙන්නකෝන් 

ඔබේ අදහස් පහත දක්වන්න. එය මහත් සේ අගය කරමි.

6 comments:

  1. වටිනා අදහසක්

    ReplyDelete
  2. Mamath film eka beluwa. obe adahas dakwa thiyanawa wage nirmanaya ithamath wishishtai

    ReplyDelete
  3. Mamath film eka beluwa. obe adahas dakwa thiyanawa wage nirmanaya ithamath wishishtai

    ReplyDelete
  4. me film eka online balanna link ekak hoyaganna puluwan wai da ?

    ReplyDelete

ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...