සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස්
වේ. මානව වර්ග , ජාති ,
කුල , ප්‍රදේශ අනුවද මෙම
තත්ත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදු වේ. එම නිසා ස්ත්‍රී පුරුෂ ලිංග
භේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස් වන සු`ඵ දෙයකි. මානව සමාජය ප්‍රධාන වශයෙන් වර්ග
දෙකකින් යුක්ත ය. ඒ ස්ත්‍රී හා පුරුෂ වශයෙනි. පුරුෂ යන්නට ලොව සෑම සමාජයකම අගය
කිරීම සිදු වන්නේ පුරුෂයින් ශාරීරිකව හා මානසික වශයෙන් ශක්තිමත් එඩිතර , ඉක්මන් තීරණ ගත හැකි ,
නායකත්වයක් සහිත ,
බුද්ධිමත් , තාර්කික කොටසක් ලෙසට
ය.
එහෙත් ස්ත්‍රීය සුන්දර , ලාමක , පුරුෂයෙකු මත යැපෙන , කාරුණික , ඉක්මනින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ. ස්වභාවධර්මයෙන් හිමි වී ඇති ප්‍රජනන කාර්ය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන් ද සමාජය විසින් ස්ත්‍රියට පවරා දී ඇත. ඒ අනුව දරුවන් පෝෂණය කිරීම , රැක බලා ගැනීම , ගේ දොර කටයුතු , දරුවන්ගේ අධ්‍යාපන කටයුතු , වැඩිමහල්ලන් රැක බලා ගැනීම ස්ත්‍රිය ට පැවරෙන කාර්යයන් අතර වේ. එය වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපැයීමේ කාර්ය පුරුෂයාට පවරා දී ඇත. වෙළදාම , ගොවිතැුන හෝ වෙනත් රැකියා , සමාජ වැඩ කටයුතු ස්ත්‍රියට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම පුරුෂයන්ට පැවරෙන වගකීම් අතර වේ.

ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. ඈන් ඔස්ලේ
වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසු කාලීනව විවිධ ක්ෂේත්‍ර
ඔස්සේ වර්ධනය විය.
“ස්ත්‍රි පුරුෂ සමාජභාවය හෙවත් පුමිතිරිය යනු
පිරිමිකමට හා ගැහැණුකම වෙනසට අදාළ වන්නා වූ ලක්ෂණ පරාසය වේ.”
(විකිපීඩියා
නිදහස් විශ්වකෝෂය)
සරලව දක්වන්නේ නම් ස්ත්‍රි පුරුෂ සමාජභාවය
යනුවෙන් අදහස් කරන්නේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට
තෝතැන්නක් ලෙස මෙම ස්ත්‍රි පුරුෂ සමාජභාවය යන සංකල්පය ඇති කිරීමක් නොවේ. එලෙසම
මෙහි අරමුණ ස්ත්‍රිය පුරුෂයා වීම හෝ නොවේ කාන්තාව පුරුෂයාට යටත් වීම හෝ පුරුෂයාට
පරයා ගැහැණිය ඉහළට ඒමද නොවේ. ඇයට අවශ්‍ය වන්නේ සම තැන ලබා දීමයි. ඇය පිළිබඳ සමාජය
තුළ ධනාත්මක සංවේදීතාවක් ඇති කිරීම යි. එලසම ස්ත්‍රි පුරුෂ සමාජභාවය ස්ත්‍රියට
පමණක් නොවේ. එය පිරිමින්ටද අයිති සංකල්පයකි.
අප සිදු කරනු ලබන සෑම කටයුත්තකදීම ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී වූ ඇසකින් බැලීමට යොමු කිරීම මෙම සංකල්පයෙහි මූලික අරමුණ යි. ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ සැලකිල්ලට ගැනීමේ දී එය ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය හා සම්බන්ධ විය යුතු ය. මන්ද සිදු කරනු ලබන සියලු කාර්යයන් තුළින් ස්ත්‍රියට හා පුරුෂයාට සමාන අවස්ථා , අයිතිවාසිකම් සහ ප්රතිලාභ හිමි වන බැවිනි.

ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට සහ පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය
විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙන්ස් වූ සමාජ තත්ත්වයන් මෙම දෙපක්ෂය සඳහා නිර්මාණය
කර දී ඇත. සමාජය සහ සංස්තෘතිය මඟින් මෙම බෙදීම් සිදු කර තිබෙන අතර සෑම ඒකකයක දී
මෙන්ම සෑම ස්ථරයක දී ම දක්නට ලැබේ. ස්ත්රීන්ට සහ පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ ගති
ලක්ෂණ , අන්‍යතා ,හැසිරීම් රටා ,
භූමිකා සහ වෘතීන් පවා
සමාජය විසින්ම නිර්මාණය කර දී තිබේ. ස්ත්රීන්ට සහ පුරුෂයන්ට පවරා දී ඇති එම සමාජ
සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස තව දුරටත් සරලව ගෙන හැර දැක්විය
හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් ස්වභාවධර්මයෙන්
ලැබුණු දෙයක් නොවේ. සංස්තෘතිය , ආගම , විශ්වාස , ඇදහිලි සහ සිරිත්
විරිත් මගින් මෙම සමාජ තත්ත්වය ස්ථාපිත කර තිබේ.
ඕනෑම සමාජයක ස්ත්රීන්ට හ පුරුෂයන්ට අසමාන වූ තත්ත්වයන් නිර්මාණය කර දී ඇත.
ඒ මත පදනම් වූ විශ්වාස සහ අගය කිරීම් එම සමාජවල දැඩිව මුල් බැස ගෙන ඇත. බොහෝ රටවල
ඇඳුම් පැළදුම් ඇඳීමේ සහ භාෂාව භාවිත කිරීමේ වෙනස්කම් පවා දක්නට ලැබේ. එහි දී ස්ත්‍රී
පුරුෂ ලෙස බෙදුණු පද ව්‍යාකරණ විධි , ස්ත්රීන්ට සහ පුරුෂයන්ට විශේෂිත වූ යෙදුම් සහ ව්‍යවහාර
දක්නට ලැබේ. තවද රැකිය ක්ෂේත්රයේ දී හෙදි , ගුරු , ලඝු ලේඛල වැනි වෘතීන් ස්ත්‍රීන් ට හිමි
ක්ෂේථ්ර ලෙස ද බර වාහාන පැදවීම , ඉන්ජිනේරු සහ ආරක්ෂක අංශ , තාක්ෂණික රැකියා සහ කළමණාකරණය වැනි වෘතීන්
පුරුෂයන් ට වෙන් වූ ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය සහ පිරිමියා මේ ආකාර විය
යුතුය වශයෙන් සමාජය විසින් වර්ග කිරීමක් කර තිබෙන නිසා ඔවුන්ගේ රැකියා ක්ෂේත්රවල
දී පවා බෙදීමක් දක්නට ලැබේ. කෙසේ වුව ද සමාජය ගත් විට ශක්තිමත් , එඩිතර ,නිර්භීත ගැහැණු සහ
පිරිම් දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය සහ පුරුෂයා මේ ආකාර විය යුතු
යැයි සමාජය විසින්ම මිනිස් සිත් තුළට කා වැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා
දී ඇති ආකාරයට ස්ත්‍රීය සහ පුරුෂයා නොහැසිරේ නම් එය අසාමාන්‍ය කාරණයක් ලෙස සමාජය
දකී.
ස්ත්‍රි පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තැනත්
හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුව ද කවර ජාතියක් ,
මානව වර්ගයක් ,
කුලයක් හෝ පන්තියක්
ගත්ත ද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ලෙස ගත් විට අඩු වරප්‍රසාද ,
අඩු නිදහස , අඩු අයිතිවාසිකම් ,
අඩු දේපල , අඩු කීර්තිය හෝ අඩු
බලය හමි වන්නේ කාන්තාවට යි. වැ ඩිබලය හෝ ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාට යි. මේ
අසමාන වූ බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය නිසා යි.
ජන මාධ්‍යවේදීන් ට සහ ඔවුන්ගේ පුහුණු ආයතනවලට ස්ත්‍රි පුරුෂ සමාජභාවය
පිළිබඳව ක්රමානුකූල දැනුවත් කිරීමක් අවශ්‍යව ඇති අතර පොදු සමාජය තුළ ස්ත්‍රි
පුරුෂ සමාජභාවය පිළිබඳ ඇති වැරදි මත තහවරු කෙරෙන ආකාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්
ස්වයං වාරණයක් සහිතව ක්‍රියා කිරීම ජන මාධ්‍යයේ වගකීමයි. එමෙන්ම සමාජය තුළ පවතින
වැරදි මතිමතාන්තර වෙස් කොට ස්ත්‍රීයත් පුරුෂයාත් සම තලයක තැබීමේ වගකීම ද මාධ්‍ය
සතු වෙයි.
නිසන්සලා තෙන්නකෝන්
නිසන්සලා තෙන්නකෝන්
Thanks friend
ReplyDeleteVedagath lipyak
ReplyDeleteSthuthi
Deletewadagath lipiyak
ReplyDeleteSthuthi
DeleteThanks
ReplyDeleteThe most valuable information... Thank you
ReplyDelete