කෘෂි නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා කෘෂිකර්මික ශිල්පීය ක්‍රමවල තාක්ෂණික වශයෙන් ඇති වූ ක්‍රියාවලිය හරිත විප්ලවය ලෙස් හැඳින් වේ. 1940 කාලවලදී තිරිඟු නිෂ්පාදනයේ වැඩි දියුණුව මූලික කර ගනිමින් ආරම්භ වූ මෙහි තාක්ෂණික ශිල්ප ක්‍රමවල දියුණුවත් විවිධ පරිසරයන්ට ඔරොත්තු දෙන බීජ වර්ග හඳුන්වා දීම කෘෂි රසායන , පළිබෝධ නාශක , වාරි ක්‍රම සහ යන්ත්‍ර සූත්‍ර භාවිතය මෙහිලා ප්‍රමුඛ විය.
1943 දී මෙත්සිකෝව සිය ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට ඇරඹූ කෘෂි පර්යේෂණ ව්‍යාපෘතිය මෙහි මූලාරම්භය යි. ආචාර්ය නෝමන් බෝලෝග් ඇමරිකා එක්සත් ජනපදයේ රොකෆෙලර් සමාගමේ මූල්‍ය ආධාර මත සිදු කරන ලදී. මුලදී හරිත විප්ලවය නව ශාක මාදලී අභිජනනය සහ නව කෘෂි ශිල්ප ක්‍රම යොදා ගැනීම යන ප්‍රධාන ශීර්ෂ දෙක යටතේ ක්‍රියාත්මක වූවත් 1960 ගණන් වන විට මෙය ලොව පුරා ක්‍රයාත්මක විය. මෙත්සිකෝව 1965 දී සිය ආහාර අවශ්‍යතාවයෙන් 50% ක් ආනයනය කළ අතර 1964 වන විට ටොන් ලක්ෂ් නිර්‍යාත කරන ලදී.
නව ශාක මාදලී බිහි කිරීම යටතේ එකම පවුලේ බෝග දෙකක් මුහුන් කිරීම සිදු කරන ලදී. මේ යටතේ වී වර්ග වැඩි අස්වනු ලබා ගැනීමට අවශ්‍ය නම් එබඳු වී වර්ග දෙකක් මුහුන් කොට නව වී වර්ෆ නිපදවා ගත හැකිය. නිදසුන් ලෙස IR 8 වී වර්ගත් රෙඩිරේඩි ගස්ලබු , තිස්ස රට කජු ප්‍රබේදය , නොරීන් තිරිඟු ආදිය දැක්විය හැකිය. අස්වනු වැඩි කිරීමෙහිලා පමණක් නොව දේශගුණ තත්ත්වයන්‍ට ඔරොත්තු දෙන බෝග වර්ග නිපදවීමේදී ද මෙමෙ ක්‍රමය අත්හදා බ්ලා තිබේ. ඒ අනුව අප්‍රිකානු ප්‍රදේශවලට වඩාත් උචිට්ග ලෙස නෙරිපාස් වී ප්‍රබේදය හඳුන්වා දී තිබේ. සමස්ථයක් ලෙස මේවා ලෙඩ රෝගවලට , කෘමි උවදුරුවලට ඔරොත්තු දෙන කෙටි කාල සීමාවකදී වැඩි අස්වනු ලබා දෙන බෝග වර්ග විය. මේවා බොහෝ විට රසායනාගාර තුළ පර්යේෂණ කොට හඳුන්වා දෙන ඒවාය.
පටක රෝපණය වැඩි අස්වනු ලබා ගැනීමට සිදු කරන ලද තවත් පර්යේෂණයකි. එහිදී ද වඩාත් සුදුසු බෝග වර්ග දෙකක් හඳුනාගෙන එකවර පැළ දහස් ගණනක් ලබා ගැනීමට සහ ගුණාත්මක බවින් ඉහළ පැළ ලබා ගැනීමට කටයුතු කරන ලදී. මේ නිසා අඩු බිම් ප්‍රමාණයකින් ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවියා සමත් විය. ශාක සහ සත්ව දෙකොට්ඨාසයටම මේ නව තාක්ෂණ ක්‍රම භාවිතය නිසා ලෝක ජනතාවගේ සාගිනි නිවීමේ කර්තව්‍යය සාර්ථක වූ බව ලෝක කෘෂිකර්ම හා අහාර පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ.
නව බීජ වර්ග හෝ නව සත්ත්ව විශේෂ හඳුනා ගන්නා විද්‍යාව ජාන ඉන්ජිනේරු විද්‍ය්‍යාව ලෙස හැඳින්වෙන අතර නව ජීවියා ජාණ විකරණය කළ (GMO) ජීවියකු ලෙස හැඳින් වේ. ලොව සුපිරි වෙළෙදසැල් බොහෝමයක අලෙවියට අද තබා ඇත්තේ මෙබඳු GMO ශාක හෝ සත්ත්ව ආහාරයකි.
හරිත විප්ලවයේ අවාසි
- පරිසායට ඔරොත්තු නොදෙන කෘමිනාශක , වල් නාශක භාවිතය නිසා ජයිව විවිධත්වය විනාශ වීම
- ගොවියාගේ සැගවුණු අස්වනු රටාව වියැකී යාම.
- ඉඩම් ලවණීකරණය වීම.
- භූගත ජල මට්ටම පහළ බැසීම
- අනාරක්ෂිත ක්‍රම භාවිතය නිසා ගොවි ජීවිතයට හානි පැමිණීම.
- බහු ජාතික සමාගම්වල ගොඳුරක් බවට පත් වීම.
- නව නිෂ්පාදන මිනිස් සිරුරට අහිතකර වීම.
- සාම්ප්‍රදායික ගොවි සංස්කෘතිය බිඳ වැටීම.
ආදිය දැක්විය හැකිය.
නිසන්සලා තෙන්නකෝන්
Anthargathya hodai.
ReplyDeleteSthuthi
DeleteAnthargathya hodai.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteE wagema mge adahasa wenne.jana thakshanaya magin ratak sanwardanaya karath lan wenawa kiyala.ehma nda
ReplyDeleteOu aththa jana thakshanaye wasi menama awasi resak thiynwa
Deleteස්තුති
ReplyDelete