එක්සත් ජාතීන්ගේ අලෙවිකරණ ආයතනය දක්වන පරිදි අලෙවිකරණය යන්න කළමණාකරණ ක්‍රියාවලියයි. එය ලාභදායි කටයුත්තක් වනවා මෙන්ම පුද්ගලයාගේ අවශ්‍යතා හඳුනා ගෙන පූර්ව නිගමනයන් සිදු වන්නකි. වර්තමානය වන විට අලෙවිකරණය යන්න වාණිජ ක්ෂේත්රය සඳහා අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වනවා මෙන්න ඉන් පාරිභෝගිකයා සමඟ ඉතා සමීප මෙන්ම දිගු කාලීන සබධතාවක් පවත්වාගෙන යාම නම් අත්‍යවශ්‍යමය.
අලෙවිකරණය හා සම්බන්ධව අද වන විට පවතින දැඩි තරඟකාරිත්වය සළකා බැලීමේදී ප්‍රචාරණය ඒ හා සමගාමීව වැදගත් තැනක් උසුලන බව පැහැදිලිය. අලෙවිකරණය යන්න හුදු භාණ්ඩ අලෙවිය පමණක්ම නොවේ . එමෙන්ම ප්‍රචාරණය හෝ ව්‍යාපාරය යන්න පමණක් අරමුණ වූවක්ම ද නොවේ. නිෂ්පාදනය හා ලාභය සේවාව පමණක් නොව ඉන් පුද්ගලයාගේ ප්‍රතිරූපය ගොඩ නැගීම දක්වා දිව යන්නකි.
අලෙවිකරණ ක්‍රියාවලිය
තුළනව මාධ්‍ය මඟින් ඉටු කරන සේවාව සුළු පටු නොවේ. පාරිභෝගිකයා හටපූර්ව දැනුවත්
කිරීම , පෙළඹවීම,
භාණ්ඩ හා සේවා මිලදී
ගැනීම ආදි අරමුණු අලෙවිකරණයේ දී සඵල කරගනු වස් විවිධ සන්නිවේදන උපක්රමයන් භාවිත
කරනු ලැබුව ද එකී ක්‍රියාවලියේදී නව මාධ්‍ය මඟින් ඊට ලැබෙන දායකත්වය සොයා
බැලීමේදීඅලෙවිකරණය හා නව මාධ්‍ය අතර පවතින දැඩි සම්බන්ධතාවය පසක් වේ. නිෂ්පාදන
අලෙවිකරණය ට මෙන්ම පාරිභෝගිකයා කෙරෙහි ද සෘජු බලපැමක් එල්ල කිරීමට නව මාධ්‍යට ඇති
හැකියාව නිසාම අලෙවිකරණය සඳහා නව මාධ්‍ය යොදා ගැනීම උචිතම උපක්‍රමයක් ලෙස තිව්ර
වේ .
නොයෙකුත් පාරිසරික
විපර්යාසයන්වලට මුහුණ දෙමින් පැවත ආ මනුෂ්‍ය සංහතිය කාලයාගේ ඇවෑමෙන් විවිධ
සන්නිවේදන ක්රමෝපායන් කෙරෙහි සිය අවධානය යොමු කිරීමට පෙළඹිනි.සංඥා , සංකෙක්ත මඟින් අදහස්
හුවමාරුවෙන් අනතුරුව භාෂණ ක්‍රමවේදයකට ද , ඊටත් පසුව ලේඛන ගත ක්‍රමයකට ද පිවිසි මානවයා
වර්තමානය වන විට වෙනමම මාවතක ට සන්නිවේදන ලොව පිවිස ඇති බව නම් පැහැදිලිය. ඉතා
දිගු කාලසීමාවක විපර්යාසයක් වන මේ සන්නිවේදන ක්‍රියාවලිය දියුණු වෙමින් ඉතා සීඝ්රයෙන්
සංවර්ධනය වන බවත් , ව්‍යාප්ත වන
බවත් බැලූ බැල්මට දක්නට ලැබෙන කාරණායකි.
සන්නිවේදනය යන්න එක් අතෙකින් මෙසේ දියුණු වත්ම අනෙක් පසින් ඒ හා සමගාමීව දියුණුවූ තවත් ක්ෂේත්රයක් වන්නේ වෙළඳාමයි. මිනිසා ගල් ගුහා වල ජීවත් වන මුල් අවධියේ දී සන්නිවේදනය හා වෙළඳාම යන්න ඔවුන්ගේ සීමිත අවශ්‍යතා මත බොහෝ දුරස්තව පැවති බව ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන්නකි. ක්‍රමයෙන් නොදියුණු අවශ්‍යතා මත ස්වයංපෝෂිත ජීවන රටාවට අනුගත වත්ම බිඳෙන් බිඳ එකී නොදියුණු අවශ්‍යතා පුළුල් වන්නට විය. මේ පුළුල් වන අවශ්‍යතා මත භාණ්ඩ හුවමාරු කර ගැනීමටත් , පසු කලෙක භාණ්ඩ වෙනුවට මුදල් ක්‍රම භාවිත කරන්නටත් ආරම්භ වූදා පටන් වර්තමානයේ පවතින දියුණු වෙළඳාම් ක්රමයන් දක්වා පරිවර්තන ගමන් මගේ අරුමය අවබෝධ කර ගැනීමට හැකියාව උදා වනු ඇත.

අලෙවිකරණය
තුළනිෂ්පාදනය , මිල , ස්ථානය මෙන්ම ප්‍රවර්ධනය
යන සංකල්පය වැදගත් වේ. මෙය අලෙවිකරණ සන්නිවේදනය ලෙස ද හැඳින් වේ. පාරිභෝගිකයාගේ
පෙළබවීමටත් , මිල දී
ගැනීමටත් මෙකී අලෙවිකරණයට සන්නිවේදනය වැදගත් වන බව නම් කිව යුතුය. පාරිභෝගිකයා
පොළබවා ගැනීමටත් ඒ තුළින් නිෂ්පාදන හෝ සේවාවන් කෙරෙහි ඇති ඉල්ලුම ඉහළ නංවා
ගැනීමටත් අලෙවිකරණය තුළ ප්‍රචාරණයට වැඩි ඉඩක් ලබා දීම අත්‍යාවශ්‍ය වන්නේ ය. විශාල
වෙළදපලක් ආවරණය කර ගැනීමට හැකි වනවා මෙන්ම අදාළ නිෂ්පාදනය හෝ සේවාව පිළිබඳ තතු
පාරිභෝගිකයා වෙත ගෙන යාමේ හැකියාව පවතින්නේ ප්‍රචාරණය මඟිනි. එබැවින් ප්‍රචාරණ ක්‍රියාවලිය
තුළ ආකර්ශනීය බව අත්‍යවශ්‍යම වෙයි. ප්‍රචාරණය ඒකරාශී නොවෙයි. විවිධාකාරය.
එකී ප්‍රචාරණ ක්රමරෙව්දය තෝරා ගැනීම, ඊට සරිලන ලෙස ප්‍රචාරණ කටයුතු කිරීම , සුදුසු ග්රාහක පිරිස ඉලක්ක කිරීම වඩාත් වැදගත් වේ.පුවත් පත ගුවන් විදුලිය . රූපවාහිනිය , සිනමාව පමණක් නොව අන්තර්ජාලය , ජංගම දුරකථන , සමාජ ජාත වෙබ් අඩවි ආදි නූතන නව මාධ්‍ය හරහා ද වඩා ප්‍රභලව ප්‍රචාරණයක් සුදු කෙරේ. මේ අතරින් නව මාධ්‍ය කෙරෙහි වැඩි අවධානයක් අලෙවිකරණ ප්‍රචාරණය තුළ යොමු කරන බව පැහැදිලිව දක්නට ලැබෙන ප්රවණතාවකි.

සුදුසුම මාධ්‍ය තෝරා ගැනීම , ඊට අදාළ පණවිඩය සකස් කිරීම , ග්රාහකයා වෙත ඉදිරිපත් කිරීම යන මූලික ක්‍රියාවලිය
අලෙවිකරණ ප්රදාරණ ක්‍රියාවලිය තුළ සිදු කෙරේ. නව මාධ්‍ය මඟින් web bener , disply advertising , social media advertising , email advertising , popup ads , text ads යනාදී උපක්රමයන් භාවිත කෙරේ. 90 දශකයේ අන්තර්ජාලය බිහි වුවත් අන්තර්ජාලයට ප්‍රචාරණය
පිවිසෙන්නේ පසුකාලීනවයි. ඒ 1994 වසරේදී ය. අද
වන විට එය විකාශනය වී ප්‍රචාරණයට බෙහෙවින් යොදා ගැනෙන මාධ්‍යයක් බවට නව මා්ය්ය
පත් වී ඇත.
ඉතා සාර්ථක ක්‍රමවේදයක්
වන මෙම සමාජ මාධ්‍ය භාවිතයෙන් ප්රචාරණයේ නිරත වීම බොහෝමයක් ආයතන මෙන්ම පෞද්ගලික
වශයෙන් ද සාර්ථක මෙන්ම වැදගත් ක්රමෝපායක් ලෙස සල කනු ලැබේ. නව මාධ්‍ය මඟින් වේගවත්
සන්නිවේදනයක් සිදු කළ හැකි වනවා මෙන්ම වේගවත් අලෙවිකරණයක් ද සිදු කළ හැකි බව
නොරහසකි. කඩපිලවල් වල , බැංකු වල
පෝලිම් වල කාලය නාස්ති කළ පාරිභෝගිකයාට දැන් දබකසබැ ගෙවීම් කළ හැකිය. පිට රටක
අලෙවිකරණ නිෂ්පාදන මිල දී ගැනීමට පමණක් නොව අන්තර්ජාලය හරහා සේවාවන් ( රැකියාවන් )
සිදු කිරීමේ හා ඒ සම්බන්ධව ගනු දෙනු කිරීමේ හැකියාව පවති. ikman.lk වැනි සේවාවන්
තුළින් ව්‍යාපාරයක් වශයෙන් නොව තනිව පවා අලෙවිකරණ ක්රියාවලියෙහි නිරත වීමට අවශ්‍ය
අවකාශය සලසා දී ඇත.
මෑත කාලය තුළ ප්‍රචාරණය හා අලෙවිකරණය බද්ධව
වූ සමාජය තුළ පෙරලියක් කළ ප්‍රචාරණ කිහිපයක් වෙයි. යුරේනි සම්බන්ධ කොට ගත්
rexona න්වීම , දි ප්රියසාදිගේ
‘ වැස්ලින්
බෝතල් 1000 කතාව ’
නමින් කළ ප්‍රචාරණ ක්‍රියාවලිය
, ‘ vim දිවියට
දිස්නය ’ ට සමගාමීව ගෙන
ගිය ප්‍රචාරණ ක්‍රියාවලිය යනාදිය පෙන්වා දීමට හැකිය.
මෙකී සාධක
සලකා බැලීමේදී ඇතිකරණ ප්‍රචාරණය හා බද්ධව නව මාධ්‍ය ප්රමුඛස්ථානවක් උසුලන බව තව
දුරටත් අනාවරණව වේ. නව සන්නිවේදන තාක්ෂණයට පිවිසීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ
විවිධ ගැටලු පවතින බව නම් පැහැඳිලිය. නව මාධ්‍ය ව්‍යාප්තිය මෙරට සීමිත වුව ද සෙසු
මාධ්‍ය හා කරට කර තරඟ කිරීමේ හැකියාව නිසාම අලෙවිකරණ හා ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ
නව මාධ්‍යට ප්රමුඛ තැනක් හිමි වේ.
pilip kotlar visin hadunwa dunnu marketing ada wana wita e - marketing bawata path wela.gdk wedagth lipiyak.....
ReplyDeleteThanks friend
ReplyDeleteThanks its very important to me
ReplyDelete