Sunday, June 25, 2017

දරුවන්ගේ නම් තැබීමේ ක්‍රියාවලියහා අන්තර් සංස්කෘතික සන්නිවේදනය


           සමාජයේ එකිනෙකා හඳුනා ගැනීමට යොදා ගන්නා එක් ක්රමවේදයක් ලෙස පුද්ගලයකුගේ නම යන්න යොදා ගනී. ලොව එකම විශ්ව ගම්මානයක් බවට පත් වීතිබීම තුළ අන්තර් සංස්කෘත්ක සබධතා වර්තමානයේ වර්ධනය වී ඇත. ජාතික , ජාත්යන්තර සබධතා වර්ධනය මෙන්ම මෙරට මිනිසුන් ඉතා ඉක්මනින් තවත් දෙයක් අනුකරණය කිරීම හා වැළඳ ගැනීමට පෙළඹීම දක්නට ලැබේ. මේ සබඳතා හේතු කොට ගෙන පුද්ගලයකුලේ නම් තැබීමේ ක්රියාවලියේ මහත් පෙරලියක් ඇති වී ඇති බව පැහැඳිලි . අර්ථ රසයට වඩා ශබ්ධ රසය මූලික කොට ගෙන අළුත උපන් දරුවාට නම් තැබීම සිදු වනු දක්නට ලැබේ. අතීතයේ හා වර්තමානයේ නම් තැබීමේ ක්රියාවලිය සිදු වූ ආකාරයත් , එය වෙනස් වී ඇති ආකාරයත් , එයට අන්තර් සංස්කෘතික සන්නීවේදනය හේතු වූ ආකාරය සොයා බැලීම වැදගත් වේ.

         ළමයකු ඉපදුණු පසු එම අලුත උපන් ළරුවාට නමක් තැබීම සෑම ජාතියකම සෑම ගෝත්රයකම සිදුවන ප්රාථමික දෙයකි. මෙය පුද්ගල වශයෙන් හඳුනා ගැනීමේ පහසුව සඳහා කරනු ලබයි. දරුවකුට නම් තැබීමේ ක්රියාවලිය කලින් කලට විවිධ මුහුණුවරක් ගන්නා බව පැහැඳිලිය. ලොව එකම ගම්මානයක් බවට පත් වීම හේතු කොට ගෙන අන්තර් සංස්කෘකික සබධතා වර්ධනය වී ඇත. එකී අන්තර් සංස්කෘකික සබධතා හේතු කොට ගෙන නම් තැබීමේ ක්රියාවලිය වර්තමානයේ අර්ථයට වඩා ශබ්ධයට මුල් තැන දී සිදු වන බව පැහැඳිලිය. සිංහල ජාතිකයන්ගේ නම් තැබීමේ ක්රියාවලියට මෙම අන්තර් සංස්කෘකික සබධතා මූලික හේතු සාධක වී මුස්ලිම් ජාතික නම් ආරූඪ වී ඇති බව දක්නට ඇත.

නූතනයේ ශ්රී ලංකාව තුළ මේ කාරණය මේ ආකාරයෙන් සිදු වන අතරම ගණ පිහිට වූ නම් තැබීම යන්න සමගාමී අයුරින් බැසී පවතින්නකි. මෙහි බැලූ බැල්මට එතරම් වරදක් නැත. එහෙත් ඇතැම් විට පහසුවෙන් උච්චාරණයට අපහසු වම් බොහෝ විට ළමයකුට ලැබීනම් එම ළමයාට අනාගතයේ දී උපහාසයට බඳුන් විය හැකි කාරණයක් වීම කාටත් පැහැඳිලි කාරණයකි. ගණ පිහිට වූ නම් තැබීමේදී ඉතා බර සිංහල වචන යෙදීම නිසා විකෘති විහිලු ස්වරූපයක් උසුලන ආකාරයේ නම් තැබීම විහිලුවට කාරණයකි. අප මෙහිදී සලකා බැලිය යුතු ප්රධාන කාරණය නම් මෙසේ ගණ පිහිට වූ නම් තැබීමෙන් බලාපොරොත්තු වන අරමුණ කුමක්ද යන්නයි.

      මවක් හෝ පියෙක් තම දරුවාට පුතා හෝ දුව යනුවෙන් ආමන්ත්රණයේදී සිතට දැනෙන හැඟීම ලෙන්ගතුකම වචනයෙන් විස්තර කිරීම අපහසුය. නමුත් තම දරුවාට දෙමාපියන් නම කියා ඇමතීමේදී එම හැඟීම එතරම් දුරකට දැනෙන්නේ නැත. කෙසේ වුව අළුත උපන් දරුවකුට කුමන හෝ නමක් යෝජනා වන අතර එකී නම මුලු ජීවිත කාලය පුරාවටම එම පුද්ගලයා හැඳින්වීමට යොදා ගනී. එබැවින් ශබ්ධ රසයට මෙන්ම අර්ථ රසයට මුල් තැන දී නම් තැබීම සිදු වන්නේ නම් එය මැනවි. අදාළ නමෙන් ආමන්ත්රණය කිරීම දරුවාටද ආශිර්වාදයකි.


                                   නිසන්සලා තෙන්නකෝන් 









3 comments:

ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...