ගීත රචනය :
ආචාර්ය ශ්‍රී අලවත්තයන්
සංගීත
නිර්මාණය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්
ගායනය : ටී
එම් ජයරත්න , අයිවෝ ඩෙනාස්
ඇතුළු පිරිස
කලාවට කෙනෙකු ජීවත් කළ හැකිය.
කෙනෙකුගේ මතකය අවදි තළ හැකිය. හැඩවිය හැකිය. දුක , වේදනාව , වෛරය පමණක් නොව මිනිස් චිත්තසන්තානය තුළ
සැගව පවත්නා අනේකවිද චින්තනයන්ට ජීවයක් එක් කිරීමට කලායට හැකිය. මිනිස් හදවත්වල
සංයමයක් ඇති කිරීමට හැකියාව ඇත්තේද කලා නිර්මාණයකටය. සංගීතය , කවිය , ගීතය , නවකතාව හෝ පමණක් නොව
කලා සිතුවම් ආදී කුමන නිර්මාණයක් අභිමුව වුවද කවර පුද්ගලයකු හෝ දැමුණු පුද්ගලයකු
වනු නිසැකය. එයිනිදු ගීතයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.
සමාජ අසම්මතයට එරෙහි වීමට පමණක් නොව සමාජ
අසාධාරණයන් ,අකටයුතුකම්
වලට එරෙහිව නැගී සිටීමයත් සමාජ සාරධර්මයන්ගේ ප්‍රගමනය උදෙසාත් අවියක් ලෙස ගීතය
යොදා ගත හැකිය. ව්‍යාජයෙන් අන්ද භක්තියෙන් නෙත් අඳ කරගත් පිරිසට යථාර්ථය පසක් කරනු
වස් නිර්මාණය වූ ගීතයන් කොතෙකුත් ඇත. එවන් සොඳූරු ගීතවක් ළඟ මොහොතකට නවාතැන්
සැදීමට ගත් උත්සාහයකි ; මේ.
දෙවියන් ඇදහීම
මානව අයිතියකි. කස්තුරි සුවඳ දුමෙන් , මලින්දෙවියන් පුදන මිනිසුන් “හරෝ හරා , හරෝ හරා” යැයි දෙවියන් ඉදිරියේ යාදිනනේ ඉස උදුම්මවා
ගත් භක්තිය මුසු බියකිනි. අදෘශ්‍යමාන දෙවියන් ඉදිරියේ හිස නමන ගෞරව කරන ඔවුන්
යථාර්ථයට පිටුපා කරන රඟපෑම සුලුපටු නොවේ. නොපෙනෙන දෙවියන් ට ගරු බුහුමන් පෑමට වඩා
දෑසමානයේ වසන සැබෑ දෙවියන් පිරිසක් සිටී. දිවා රෑ අවු වැසි නොතකා වෙහෙස මහන්සිය
තුට්ටුවකට මායිම් නොකරන අපේම කම්කරු ජනතාව සැබෑ
දෙවියන් ය.
දෙවියන්ට
දක්වන ගෞරවය කම්කරු ජනතාවට දක්වන්නේ නම් එය මැනවි. එය ගම්‍ය කරනු වස් විශ්ව සාහිත්‍යධර
“ රබීන්ද්‍රනාත්
තාගෝර්තුමන්ගේ ” ලෝ ප්‍රකට “
ගීතාන්ජලී ” නම් කෘතියේ කවියක්
පාදක කොට ගනිමින් “ ආචාර්ය ප්‍රේමදාස
ශ්‍රී අලවත්තයන්ගේ ” අපූර්ව පද
සංකල්පනාවක් ගලපයි. අදෘශ්‍යමාන දෙවියන් ඉදිරියේ බුහුමන් දක්වන සමාජය කම්කරු ජනතාවට
දෙන අල්ප වටිනාකම විවරණය කරන “ අඳූරු කුටිය
තුළ දොරගුළු ලාගෙන ” ගීතය ආචාර්ය “
ප්‍රේමසිරි
කේමදාසයන්ගේ ” මියුරු
සන්ගීතයට “ ටී.එම් ජයරත්නයන්ගේ
” හඬ
පෞරුෂත්වයෙන් උපරිම සාධාරණත්වයක් ඉටු කර දීමට උත්සහා දරයි.
ගීතය පුරාවටම
කම්කරුවාට ලබා දෙන්නේ අනල්ප වටිනාකමකි. ඉන්දීය සමාජ අත්දැකීමක් පාදක කොට
තාගෝර්තුමන් නිර්මාණය කර ඇති මේ ගීතය ලාංකේය අනන්‍යතාව සුරැකෙන පරිදි පරිවර්තනය
කිරීමට ආචාර්ය අලවත්තයන්ගේ ප්‍රතිභාව විශිෂ්ටය.
අලවත්තයන් දෙවොල අඳූරු කුටියකට
සමාන කරයි. දේවාල බොහෝමයක් අඳූරු ස්වභාවයක් ගනී. තිර රෙදිවලින් වසා හෝ දොරවල් වසා
ගෙන ඉන් යාන්තමට දේව ප්‍රතිමාව පෙනෙන්නට සලස්වා ඇත. දෙවියන් සම්පූර්ණව පෙනෙන්නේ හෝ
දෙවියන් සමඟ කතා බහ කිරීමට කිසි විටෙක ඉඩක් ලැබෙන්නේ නැත.
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන්හට
නෑසේ ”
‘ අඳූරු කුටිය ’
යථාර්තය වැසී ගියා වූ ,
මිනිසුන්ගේ ජීවිතයයි.
සැබෑවට පිටුපා කටයුතු කරන්නන්ගේ ජීවිත සැබැවින්ම අඳූරුය. එම අඳූරු කුටියේ දොරගුළු
ලා සිටින තාක් සැබෑව බොහෝ දුරය. ගී පද රචකයා මනා සංයමයකින් යුතුව එකී යථාර්ථය ගම්‍ය
කිරීම පුදුම සහගතය.
දෙවියන් හමුවට යන දේව භක්තිකයන් කපු මහතුන්
මඟින් යාතිකා හා ගීතිකා කියවයි. බාහිර සමාජයෙන් විතැන් වූ කොතැනකදෝ අතරමං වූ කපු මහතා දෙවියන් හා කතා කරයි. නමුත්
කිසි දිනෙක දේව භක්තිකයන්ට දෙවියන් මුන නොගැසේ.
යථාර්ථය සියුම්ව අවබෝධ කොට දී ක්‍රමයෙන් ව්‍යාජ
ලෝකයෙන් සැබෑ ලෝකයට ශ්‍රාවක මනස ගෙන ඒමට අලවත්තයන් සූක්ෂම වෙයි. දෙවොලවල දකින්නට
ඇත්තේ දෙවියන් නොව දේව ප්‍රතිමාය. නමුත් සැබෑ ලෝකය දෙස දෑස් ඇර බැලූ විට සැබැවින්ම
දෙවියන් දැකීමටත් , ඇසුරු
කිරීමටත් එපමණක් නොව කතා බහ කිරීමටත් ඉඩ සැලසේ.
“ පොළොව කොටන තැන පාර තනන තැන
ගිනියම් අවුවේ
මහ වරුසාවේ
දෙවියෝ වැඩ
ඉන්නේ ”
මේ පද පෙළ
සවනට වැකෙත්ම ඉතා සංවේදී චිත්තරූපයන් මනසට නැගෙන්නේ නිරායාසයෙනි.
කම්කරුවෝ
මිනිසුන් වෙති.දෙවියෝ නොවෙති. ඒ මන්ද ඔවුන් දෘශ්‍යමානය. දෙවියෝ ද මිනිසුන්ගෙන් පිං
අපේක්ෂා කරති. ඒ මිනිසාගේ අසහාය බලය හේතුවෙනි. නමුත් ව්‍යාජ අන්ද භක්තියට මුලා
වූවන්ට කම්කරුවන් විදින දුක නොපෙනෙයි. ඔවුන් කරන සේවය නොපෙනේ.
සිනිඳූ සළු
ඇදි පුයර උලා ගත් සෝභනයන් කොතරම් දෙවියන් ඉදිරියේ කන්නලව් කළද දෙවියන්ගේ ඇස්
ඇහැරෙන්නේ නැත. නෙත්දහසක් තිබුනද එක ඇසකින් හෝ වත් ඔවුන් දෙස නොබලයි. අනෝරා වැස්ස ,
කටුක පොළොව සමඟ
පොරබදින කම්කරුවන් හා දෙවියන් නිතර වැඩ හිදී. ගීත රචනයා ගානියම් අවුව , මහ වරුසාව යන්නෙන්
කම්කරුවා විදින දුක , පීඩාව තීව්‍ර
කිරීමට උත්සාහ දරයි. කම්කරුවා විඳින දුක මද්දහන මහ අව්ව තරම් ගිනියම් ය. මහා
වරුසාව මෙන් කටෝර ය.
කඩතුරාවෙන්
දෑස වැසුන කල කිසි කෙනෙකු ට යථාර්ථය නොපෙනේ. නමුත් අන්ද භක්තිකයන් සෑම විට ම
දෙවියන් දකින්නේ කඩතුරාවෙන් වැසුණු ව්‍යාජයකින් මිස යථාර්ථවාදීව නම් නොවේ. කඩතුරාව
හැර එසේ නැතහොත් සමාජය දෙස බලන ආකාරය වෙනස් විය යුතු කාලය පැමිණ ඇති බව ගම්‍ය කරනු
වස් ,
“ බලන් කඩතුරා හැර දෑසේ ”
යන්නෙන් අලවත්තයන් මනාව ව්‍යංග්‍යාර්ථ ප්‍රාතිහාර්ය දක්වයි. ‘ බලන් ’ යන විදානාර්ථ ක්‍රියාව යෙදීමෙන් පද රචකයා ව්‍යාජයේ කඩතුරාව හැර දා යතාර්ථය දෙස බලන්නැයි ඉතා සංයමයකින් යුතුව පවසයි.
කඩතුරාව පහ කළ විට යතාර්ථය සඳ එළියක් සේ දිලිසේ.
මේ පවසන දෙවියන් සළු පිළි පැළඳ නොමැත.එහෙත් ඒ දුහුවිල්ලෙන් උපන්නේ අනාගතයට පාර තනන
දෙවියන්ය.
“ සිනිදු සුවැති සළු සිරසින් හැර දා
“ සිනිදු සුවැති සළු සිරසින් හැර දා
දූවිලිමඩ
වැකකි පිළි ගත පළදා "
ව්‍යාජ අන්ද
භක්තිය නැමැති සිනිදු සළු සිරසින් හැර දා කම්කරු ජනතාව විදින දුකනැමැති යතාර්ථය
දකින්න යැයි ව්‍යංග්‍යාර්ථවත් කරයි. සැබෑ දෙවියන් දැකිය හැකි වන්නේ එවිටය.
කම්කරුවන් විදින දුක සිනිදු නැත. දුක කටෝරය. නීරසය. පැමිනෙන දුක් පැනි රසයැයි
පපඩම් කතා ඔවුන්ට අනවශ්‍යය. මන්ද දුක යන්න අසරණ කම්කරුවන් හොදාකාරවම දන්නා බැවිනි.
ව්‍යාජ අන්ද භක්තියෙන් දෙවියන් ඉදිරියේ දණ නමන
හිස නමන සමාජය සාමාන්‍ය ජනතාව තුට්ටුවකට මායිම් නොකරයි. සත්‍ය නැමැති නෙත් අහිමි
වූවන්ට සාමාන්‍ය ජනතාව අතරට පැමණීමෙන් අනාගතයට පාර තනන සැබෑ දෙවියන් දැකිය හැකිය.
බාහිර අලංකරණයෙන් සැරසී දෙවියන් සමඟ සම්බන්ධ
විය නොහැකිය. දෙවියන් හා එක් වීමට නම් දහඩියට ඇලුම් කළ යුතුය. සැබෑ මිනිස් සුවඳට
ඇලුම් කළ යුතුය. ඒ මන්ද යත් දහඩිය , ශ්‍රමය වගුරන සාමාන්‍ය ජනතාව සැබෑ දෙවියන් වන බැවිනි.
ගීතය පුරාවටම පසක් වන සැග වී පවතින සත්‍යයක් වෙයි. එනම් දෙවියන් ඉදිරියේ යාතිකා
කරන අන්ධ භක්තිකයන් ධනවාදී පන්තිය නියෝජනය කිරීමයි.තමා වටා ඇති ආරූඩ කර ගත් මාන්නය
බසෙක දැමිය යුතු බව විවරණය කර දීමට අලවත්තයන් උත්සාහ දරයි.
“ කුසුම් සඳූම් දුම්
සුවඳින් වැළකි
ගත නැගි දාඩිය
සුවදින් සැරසී
දෙවියන් හා
එක් ව්යහැක්කේ ”
සමාජයේ උසස් පැලැන්තිය කිසි විටෙක කම්කරුවන්ගේ
දහඩියට ඇලුම් නොකරති. සෝභනය , මාන්නය හිස උදුම්මවා
පුයර උලා ගත් නෝනාවරුන්ට මහත්වරුන්ට සැබෑ දෙවියන් දැකීමට සාමාන්‍ය ජනතාව අතරට
පැමිනෙන ලෙස අනාවරණය කරයි.
මේ ගීතයෙහි
මහා ප්‍රාතිහාර්යක් කරන්නේ සංගීතාඥයාය. වැඩ කරන මිනිසාගේ කර්ණ කටෝර ස්වරය මිනිස්
හඬ මඟින් මතු කිරීමට කේමදාසයෝ මහඟු වෑයමක යෙදෙති. ප්‍රේමසිරිකේමදාසයෝ සංගීත
නිර්මාණය තුළින්ම කම්කරු පන්තියෙහි රැදි දුක පිළිබඳ සංයමයක් ඇති කිරීමට සමත් වී
ඇත. සංගීතයට වඩා මිනිස් හඩෙහි ඇති බල පෞරුෂය මේ ගීතය සමාජගත කිරීමට අනුබලයක් විය.
එහෙත් ඒ සියල්ල අභිබවා නැගී සිටින්නේ මේ ගීතයේ මතු වන සමාජ යථාර්ථයයි.
ගීතය පුරාවට
චිත්ත රූප නිරායාසයෙන් ගොඩනැගෙන්නේ ගීත රචකයා , ගායකයා , සංගීතාඥයා යන ත්‍රිකෝනයන්ගේ ඇති ප්‍රතිභා
ශක්තිය හේතුවෙන් බව නැවත නැවතත් අනාවරණය කළ යුතුමය. කම්කරුවා කෙරෙහි ගීත
රසවින්දකයාගේ මනසේ සංයමයක් ඇති කරයි. එකී සංයමය හදවතට පමණක් සීමා වූවක් නොවිය
යුතුමය. කම්කරුවා වෙනුවෙන් හඬක් නැගිය යුතුමය. හඬ මෙන්ම ක්‍රියාවෙන්ද සාධාරණයක්
විය යුතුමය. සැබෑ උතුම් මිනිස්කම ඉස්මතු වන්නේ එතැනය. ආචාර්ය ශ්‍රී අලවත්තයන්ගේ මේ
ගීත රචනයේ ප්‍රයත්නය කොටගෙන ඇත්තේද සමාජ අසාධාරණයට ලක් වූ මිහිපිට සැබෑ මිනිසුන්
වෙනුවෙන් හ`ඬ නැගීමටය.
දෙවියන් අදහන
මිනිසුන් සමඟ ගැටළුවක් මේ ගීතයේ තේමාවෙන් ඇති කර ගැනීමට අවශ්‍ය නොවේ. දෙවියන්
ඇදහීම හෝ නොඇදහීම මිනිසුන්ගේ කැමැත්තය. එහෙත් නොපෙනෙන දෙවියන්ට දෙන ගෟරවයත් ,
වටිනාකමත් , ඇල්මත් මෙලොව වසන සැබෑ
දෙවියන්ට එනම් දුක් වදින කම්කරුවන් හෙවත් සාමාන්‍ය ජනතාවට හිමි විය යුතු නොවන්නේමද.
ගීතය පුරාවට නැවත නැවතත් අනාවරණය කරන්නේ එයමය. අන්ද භක්තිතයන් වෙනුවෙන් සියුම්
උපහාසයක් මිස ද්වේශයක් හෝ වෛරවක් ඇති නොවන්නේ පද රචකයාගේ විශිෂ්ට ප්‍රතිභාව
නිසාවෙනි.
කෙසේ වුව ද සැබෑ දෙවියන්
සිටින්නේ තවමත් ආවතේවකරුවන් ලෙස ය. දෙවියන් සිටින්නේ අදත් දෙවියන් සිටින තැන්වලමය.
දෑස බැඳි කඩතුරාව තවමත් හැර දැමීමට අහංකාර අන්ද භක්තිකයන් සූදානම් නැත. හැත්තෑව
දශකයේ මතු වූ සිංහල ගීත අතර අදත් අමරණීය ගීතයක් ලෙස ‘ අඳූරු කුටිය තුළ ’
ගීතය රැදී පවතින්නේ
සාමාන්‍ය කම්කරු ජනතාව විඳි අසාධාරණය මේ වන තුරුවත් සමාජයෙන් තුරන් වී නොමැති
නිසාවෙන් බව තව දුරටත් පැවසිය යුතුමය.
නිසන්සලා තෙන්නකෝන්
Watina adhs pelak.mta me lipiya godak wedgath una.sthuthi nisa
ReplyDeleteObatath sthuthi
DeleteWatina adhs pelak.mta me lipiya godak wedgath una.sthuthi nisa
ReplyDeleteDewiyan weda inne mihipitaya
ReplyDeleteDewiyan weda inne mihipitaya
ReplyDeleteAththa e kathawa
Delete