මානව සංහතියේ
ආරම්භය දක්වා දිගු ඉතිහාසයක් සාර්ධර්මවලට පවති. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන්
ශිෂ්ටසම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාරධර්මවලින් ඔහුව මෙහෙයවනු නිසාය. මේ
සඳහා ආදී ගෝත්‍ර සමාජ නොයෙකුත් ඇදහිලි , වත් පිළිවෙත් හේතු වන්නට විය. අපේ රටේ
සන්නිවේදන ආචාරධර්මවල ඉතිහසට දෙසට අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ එහි නෛතික
ඉතිහාසයට වඩා පැරණි ඉතිහාසයක් අප සතුව තිබෙන බවයි. එය අපේ බුදු දහම ඇසුරෙන්
සම්පාදනය වුණු බෞද්ධආචාරධර්ම පද්ධතිය පසුබිම් කරගෙන නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම
අතිශයෝක්තියක් නොවේ.
ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවකාරී ව්‍යාප්තිය නිසා ආචාරධර්මීය ගැටලු රැසක් මතු වී තිබේ. මේ සන්නිවේදකයාට
හෙවත් ජනමාධ්‍යවේදියාට සිය වගකීමෙන් නිදහස් වීමට කිසිසේත් හැකියාවක් නොමැත.
ආචාරධර්ම යනු හැසිරීමේ ප්‍රමිතියකි. එබැවින් ජන මාධ්‍ය ආචාරධර්ම පිළිපැදීම මඟින්
ජන මාධ්‍යයන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීමට පුලුවන. ජන මාධ්‍ය දියුණු කර ගැනීම ඉතාමත්
කාර්යක්ෂම මාර්ගය එම මාධ්‍යන් විසින්ම කරගනු ලබන ආචාරධර්මානුකූල පාලනය යැයි
ඇමරිකාවේ නිදහස් පුවත්පත් කොමිසම පෙන්වා දෙයි.
ජන මාධ්‍යන්ගේ අසීමිත ව්‍යාප්තිය
හේතු කොට ගෙන එකිනෙකා අතර මහත් තරඟකාරීත්වයක් පැන නැගී ඇත. එබැවින් සෑම සන්නිවේදන
මාධ්‍යකම අපේක්ෂාව වන්නේ තොරතුරු වාර්තාකරණයේ දී අනෙක් සන්නිවේදන මාධ්‍ය අතර පළමු
වැන්නා වීමට යි. මෙය හේතු මූලිකව මාධ්‍ය ආචාරධර්ම සුරැකෙන්නේ ද යන ගැටලුව ඉස්මතු
වේ. ජනතාව මුලා නොකොට වගකීමෙන් යුතු සත්‍ය තොරතුරු වාර්තාකරණයටත් , පාඨක හා ප්‍රේක්ෂක
වුවමනාවන්ට සංවේදීබව සහතික කිරීමටත් අරමුණු කොට ගෙන ජන මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයක්
නිර්මාණය විය. වෙබ් අඩවිය ඇතුලු සියල්ම විද්‍යුත් , මුද්‍රිත මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් මේ ජන
මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය පිළිපැදිය යුතුය.
නිසන්සලා තෙන්නකෝන්
නිසන්සලා තෙන්නකෝන්
Ithamath watina lipiyak.
ReplyDeleteIthamath watina lipiyak.
ReplyDeleteSthuthi
ReplyDelete