Wednesday, July 26, 2017

ත්‍රී රෝදරථ පිළිබඳ සමාජ දැක්ම

    
      කෙටි දුර මෙන් ම දිගු දුර ගමනක් යන්න තිබෙන ලොකු පොඩි කාටත් වාහානය ත්‍රී රෝදරථය යි. අත දැමූ සැනින් නවත්වන මෙය බොහෝ දෙනා හඳුන්වන්නේ ත්‍රී වීල් එක යනුවෙනි. බස් රථ ගමන් නොකරන පිටිසර ප්‍රදේශවශවල දුෂ්කර මාර්ගවල අද භාවිත කරන්නේ ත්‍රී රෝදරථය යි. අද අපේ රටේ ත්‍රී වීල්වල වෙනම ම සංස්කෘතියක් බිහි වී ඇත. 

     පුංචි මිනිසාගේ පුංචි වාහානයේ පිටුපස සහ ඉදිරිපස ලිය වූ පුංචි වැකි ඉතා රසවත් ඒවා යි. දුටුවනම සිනහ උපදවන මෙවැනි වැකිවල සැබැබින් ම ඇත්තේ ඔවුන්ගේ ජීවන යතාර්ථය යි. එසේ වුව ද මෙම තුන් රෝද රථය නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ත්‍රී වීල් එක පිළිබඳ සමාජය විසින් ගොඩ නගා ගත් දැක්මක් ඇත.

   ත්‍රී රෝදරථවල දක්නට ඇති වැකි බොහෝ විට සෘනාක්මක අදහස් ය. එනම් නෑ , බෑ වැනි දෑය. ඒවා දකින විට සමාජයට ඇති වන්නේ ද සෘණාක්මක අදහස් ය. සල්ලිත් නෑ සනීපත් නෑ අම්මා නැත්තන් මේකත් නෑ මෙවැනි නැති බැරිකම් තම වාහානය පිටුපස දක්වා තිබෙන විට දුටුවන්ගේ සිතට නැගෙන්නේ නැති බැරි අසරණයෙක් ය යන හැඟීමයි. බහුතරයක් ප්‍රාදේශීය වාර්තාකරුවන් තොරතුරු ලබා ගන්නේ ත්‍රී රෝද රථ රියදුරන්ගෙනි. ඒ යම් සිද්ධියක් තොරතුරු ඉතා ඉක්මනින් ඔවුන් වෙත ලැබෙන බැවිනි. 



     පැහැර ගැනීමක් හෝ මංකොල්ල කෑමක් නැතිනම් මිනී මැරුමක් ආදී සිදුවීමක් සඳහා තොරතුරු සොයා යන විට ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් පොලිසිය ට ලැබෙන්නේ නොමද සහායකි. එසේ වුව ද මාර්ග නීති කඩ කිරීම් වැනි අවශ්ථාවල වැඩි වශයෙන් හසු වන්නේ ද ත්‍රී රෝද රථ රියදුරන් ය.
  
      සමාජයේ සිදු වන ඇතැම් සිදුවීම් එවම් පැහැර ගැනීම් , මංකොල්ලකෑම් , හබා යෑම් (බස් රථය අල්ලා ගැනීමට පිට් පොකට් ගැසූ කෙනෙකු හසු කර ගැනීමට) ඔත්තුකරුවන් ලෙස ත්‍රී රෝද රථ යොදා ගනු ලැබේ. පාලු මාවත්වල චේන් කඩා ගැනීම් ආදී අපරාධවලට ද පහසුවෙන් ම යොදා ගන්නේ මෙම ත්‍රී රෝද රථය යි. තරුණ වයසේ පසු වන අයට ත්‍රී වීල් අයියලාගෙන් ලැබෙන්නේ නොමද සහායකි. සරලව පැවසුවොත් තම පෙම්වතිය සමඟ සතුටුවීම ට අවශ්‍ය පොට් එකක් සොයාදීම යි. අවශ්‍ය තැනට ගෙන යාම නැවත ගෙන ඒම ද වෙලාවට කලාවට සිදු කිරීම ට ත්‍රී වීල් අයියලා හොඳින්ම දනී. 

     පෝටබල් රූම්ස් සලසා දීම තවත් කාරණයකි. පාලු ප්‍රදේශයක ත්‍රී රෝද රථය නවතා කර්ට්න් දමා පෙම්වතුන්ට රිසි සේ සතුටු වීමට අවස්ථාව සලසා දීම ද සිදු වන අතර ඒ සඳහා අය කිරීමක් ද සිදු වේ. මේනිසා සමාජය මොවුන් කෙරෙහි ඇති කර ගෙන ඇත්තේ යහපත් ප්‍රතිරූපයක් නම් නොවේ.

   උසස් පෙළ විභාගය අසමත් හෝ බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගය අසමත් තරුණයන් තමන්ගේ රැකියාව ලෙස තෝරා ගන්නේ මෙම යි. ටුක් ටුක් එක යනුවෙන් සමාජයේ කා අතරත් ජනප්‍රිය මෙම ත්‍රී වීල් එක නැති නම් ත්‍රී රෝද රථය නවතා තබන තැන හඳුන් වන්නේ ත්‍රී වීල් පාර්ක් එක ලෙස යි. මෙම ත්‍රී වීල් පාර්ක් එක බොහෝ විට තිබෙන්නේ කඩ මණ්ඩියක් අසල නැතිනම් මං සන්ධයක් අසල ය. 

    ඇතැම් ත්‍රී වීල්වල මල් ගසා , බල්බ් වැල් එල්ලා , කැසට් පටයක් සවි කළ විට එයට ලැබෙන හයර් ප්‍රමාණය ඉහළ යයි. කෙසේ වුව ද ගමනක් බිමනක් යන විට කවුරුත් වාගේ ත්‍රී රෝද රථයේ රියදුරුගේ මුහුණ බලා ගොඩ වීමට නම් අමතක කරන්නේ නැත. එයට හේතු වන්නේ ද සමාජය විසින් මෙම ත්‍රී රෝද රථ රියදුරන් කෙරෙහි ගොඩනගා ඇති චිත්‍රය යි. විශේෂයෙන් තරුණියක ට තනිවම ත්‍රී වීල් රථයක ගමනක් යන්නේ නම් රියදුරු පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීම සිදු කර යි. ටියුෂන් යන හෝ නැතිනම් තරුණියක් මග තොට යන විට ඇයට විහි`ඵ කිරීම ත්‍රී රෝද රථ රියදුරන් නොකරනවාම නොවේ. මෙවැනි ක්‍රියා නිසා ඔවුන් කෙරෙහි සමාජය මවා ගෙන ඇත්තේ සුදු චරිතයක් වම් නොවේ.  

          නිසන්සලා තෙන්නකෝන් 


රෝද තුනේ කතන්දරේ

     එකම සමාජ මට්ටමේ , එකම අධ්‍යපන මට්ටමේ පිරිසෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් යම් උප සංස්කෘතීන් ඇති වීම සුලභ ය. ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය උප සංසකෘතීන් බොහෝමයක් ඇත. මේ අතරින් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය , නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත උප සංස්කෘතිය , කාර්යාල ගමනාගමන සේවා ආශ්‍රිත උප සංස්කෘතිය ,පොදු වෙළඳපොළ ආශ්‍රිත උප සංස්කෘතිය , පොදු බස් සේවක උප සංස්කෘතිය වැනි බොහෝමයක් උප සංස්කෘතීන් පවතී. 


     ඒ අතර මෑත කාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූ උප සංස්කෘතියක් වන්නේ ත්‍රී රෝදරථ ආශ්‍රිත උප සජස්කෘතිය යි. එමෙන්න ත්‍රි රෝදරථ කියූ සැනින්ම සමාජය තුළ මතකයට නැගෙන්නේ සුදු චිත්‍රයක් වම් නොවේ. අවිචාරවත් රථ ධාවනය සමග මුසු වූ නොපහත් හැඟම් රැසක් මේ වචනය හා මතකයට නැගෙයි. මේ වන විට බොහෝ මධ්‍යම පාන්තික පවුල්වල පවුලේ වාහානයබවට පත් වන්නට ත්‍රී රෝද රථය සමත් වී ඇත.

       ත්‍රී රෝදරථය වටා සැදුණු උප සංස්කෘතියේ විශේෂ ලක්ෂණ පිළිබඳව ද සමාජයේ බොහෝ සෙයින් කතා බහට ලක් වේ. ත්‍රී රෝදරථයේ පිටුපස කුමක් හෝ වැකියක් ලියා තැබීම ත්‍රී වීල් සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වී ඇත. මෙම වැකකිවලින් බොහෝ විට නිරූපණය වන්නේ සමාජයේ බොහෝ අවස්ථාවල අපේ කතා බහට ප්‍රසිද්ධියේ ලක් නොවන කතිකාවන් ය. මුල් කාලයේ ත්‍රී රෝදරථවල යොදන්නේ තමන්ගේ නම යි. මෙලෙස යෙදූ නමට පසු කලෙක සමන් වෙනුවට සමන් මල්ලී වැනි කොටසක් නමට එකතු වේ. එලෙසට චූටි පුතා , සුදු පුතා , චණ්ඩි මල්ල , පාල අයියා ලෙස යෙදීම සිදු විය. මේ අතරතුර තමන්ගේ පෙම්වතියට , බිරිඳට ඇති ආදරය නිසා ඇතැම් අය සුදු මැණිකේ , රේණු , රසාංජලී ආදී තෙෂ ත්‍රී රෝදරථයේ නම යෙදී ය.

   තවත් සමහරුන් තමන්ගේ දරුවන්ට ඇති ආදරය නිසා සුදු පුතා , හැඩකාරී දුව සමන්මලී වැනි යෙදුම් ද යෙදනු ලැබීය. මුල් කාලයේ දී මෙලෙස නම් පමණක් වෙනස් කළ අතර පසු කලෙක කුඩා වැකි ත්‍රී රෝදරථ පිටුපස වැදිණි. මුලින්ම ලිය වුණේ අතහිත - මහජන බැංකුව වැනි වැකකි ය. නමුත් සමහරුන් ට අතහිත ලැබුණේ නැන්දම්මාගෙන් නැතිනම් අම්මාගෙන් හෝ තාත්තාන් නැතිනම් ඥාතියෙකුගෙනි. එවිට මෙම වැකිය අතහිත අම්මාගෙන් හොඳ හිත තාත්තාගෙන් ලෙස වෙනස් විය. 


     පසු කලෙක මෙය වෙස් වුණේ ගීතවල පද ත්‍රී රෝද පිටු පස ගැසීමත් සමග ය. මුලින්ම එන්නේ මව් ගුණ ගීත ය. කලා වැවේ නිල් දියවර අපෙ අම්මා ආදී වශයෙන් පටන් ගත් ගීත කලින් කලට ජනප්‍රිය වන ගීත සමග වෙස් වන්නට පටන් ගැනිණි. සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් වැනී ගීත කොට එලෙස සටහන් වුණි.

   කලින් කලට වෙනස් වන මෙම ගීත පසුව පද වෙනස් කොට වෙනස් ආකාරයට සටහන් කිරීමේ කලාවක් ද දක්නට ලැබිණි. ඒ සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම් ආදී ලෙසිණි. ඒ අතර ජීවන අත්දැකීම් , ආප්තෝපදේශ , අවවාද ආදී නොයෙක් වැකි ද එකතු විය. මේ වන විට ත්‍රී රෝදරථවල පිට කොන්දේ තිබෙන්නේ ඉංග්‍රීසි රුවන් වැකි ය.

      ආදරය සහ යුවතියන් , කාන්තාවන් දෙස සමාජයේ බොහෝ පිරිස් කලා කිරීමට උත්සුක වුව ද ප්‍රසිද්ධියේ එසේ කිීරීමට පෙළඹෙන්නේ නැත. ත්‍රී රෝදරථවල ලියා ඇති මෙම වදන්වලින් ඇත්තෙන් ම උපහාසයට ලක් කරන්නේ කාන්තාවන් හෝ ප්‍රේමයට වඩා , මේ අදහස් දරන නමුත් පිටතට සාධු මුහුණ අපේ ම සමහරුන් දැයි කියා විටෙක සිතේ. සමාජය බොහෝ විෂම බවත් , ඇති නැති පරතරය , පන්ති භේදය වැනි සියල්ල ම ඔවුන් අවබෝධ කරගෙන සිටින බව සරලව ම කියා සිටින්නේ මෙලෙස යි.

             හබලක් නැති අපට ලොකු ටෝක් මොකට ද?
             අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන්
             අපේම නයි අපිව ම කයි
          ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණ යි
             රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව
             සැපේ දී ළඟ ඉන්න මාමා ට වඩා දුකේ දී ළඟ ඉන්න මීමා හොඳයි

නමුත් මේ කිසිවකින් නොසැලෙන බව මෙලෙස කියයි.

මම ළඳේ නම් ළිඳ මගේ ව ම්කාටවත් ඇයි වේදනා

     
     කෙසේ වුව ද අවසානයේ සියල්ල තීරණය වන්නේ මුදල මත , ආර්ථිකය මත ය. තමන් මේ රැකියාව කරන්නේ හුදෙක් විනෝදාස්වාදය නිසා පමණක් නොව ජීවත් වීම සඳහා තම සිහිනය සැබෑ කර ගකන්න ට උත්හාස කිරීම උදෙසා බව ඔවුන් කියන්නේ මෙලෙස යි.

             රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත
             කරුමේ ඩබල් පින සිංගල්
             රුපියල් සත නිසා ද අපිට මේ දුක


දුටු සැනින් උපහාසය උපදවන බවක් දක්නට ලැබීම මෙම වැකිවල විශේෂත්වයකි. එබැවින් දුටු සැනින් අප මෙම වැකිවලට සිනහ වුව ද ඔවුන්ගේ ජීවිත කතාවලට සම්බන්ධයක් මෙම වැකි හා ඇත. ඔවුන්ගේ ජීවිත යථාව මෙම වැකකිවල සැග වී තිබේ.      


     නිසන්සලා තෙන්නකෝන් 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය

    
    සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ග , ජාති , කුල , ප්‍රදේශ අනුවද මෙම තත්ත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදු වේ. එම නිසා ස්ත්‍රී පුරුෂ ලිංග භේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස් වන සු`ඵ දෙයකි. මානව සමාජය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් යුක්ත ය. ඒ ස්ත්‍රී හා පුරුෂ වශයෙනි. පුරුෂ යන්නට ලොව සෑම සමාජයකම අගය කිරීම සිදු වන්නේ පුරුෂයින් ශාරීරිකව හා මානසික වශයෙන් ශක්තිමත් එඩිතර , ඉක්මන් තීරණ ගත හැකි , නායකත්වයක් සහිත , බුද්ධිමත් , තාර්කික කොටසක් ලෙසට ය. 

     එහෙත් ස්ත්‍රීය සුන්දර , ලාමක , පුරුෂයෙකු මත යැපෙන , කාරුණික , ඉක්මනින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ. ස්වභාවධර්මයෙන් හිමි වී ඇති ප්‍රජනන කාර්ය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන් ද සමාජය විසින් ස්ත්‍රියට පවරා දී ඇත. ඒ අනුව දරුවන් පෝෂණය කිරීම , රැක බලා ගැනීම , ගේ දොර කටයුතු , දරුවන්ගේ අධ්‍යාපන කටයුතු , වැඩිමහල්ලන් රැක බලා ගැනීම ස්ත්‍රිය ට පැවරෙන කාර්යයන් අතර වේ. එය වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපැයීමේ කාර්ය පුරුෂයාට පවරා දී ඇත. වෙළදාම , ගොවිතැුන හෝ වෙනත් රැකියා , සමාජ වැඩ කටයුතු ස්ත්‍රියට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම පුරුෂයන්ට පැවරෙන වගකීම් අතර වේ.

     ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ 70 දශකයේ සිට වර්ධනය වූ සංකල්පයකි. ඈන් ඔස්ලේ වැනි සමාජ විද්‍යාඥයින් විසින් ආරම්භ කරන ලද මෙම විෂය පසු කාලීනව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය විය.

ස්ත්‍රි පුරුෂ සමාජභාවය හෙවත් පුමිතිරිය යනු පිරිමිකමට හා ගැහැණුකම වෙනසට අදාළ වන්නා වූ ලක්ෂණ පරාසය වේ.” 
                                 (විකිපීඩියා නිදහස් විශ්වකෝෂය)

      සරලව දක්වන්නේ නම් ස්ත්‍රි පුරුෂ සමාජභාවය යනුවෙන් අදහස් කරන්නේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට තෝතැන්නක් ලෙස මෙම ස්ත්‍රි පුරුෂ සමාජභාවය යන සංකල්පය ඇති කිරීමක් නොවේ. එලෙසම මෙහි අරමුණ ස්ත්‍රිය පුරුෂයා වීම හෝ නොවේ කාන්තාව පුරුෂයාට යටත් වීම හෝ පුරුෂයාට පරයා ගැහැණිය ඉහළට ඒමද නොවේ. ඇයට අවශ්‍ය වන්නේ සම තැන ලබා දීමයි. ඇය පිළිබඳ සමාජය තුළ ධනාත්මක සංවේදීතාවක් ඇති කිරීම යි. එලසම ස්ත්‍රි පුරුෂ සමාජභාවය ස්ත්‍රියට පමණක් නොවේ. එය පිරිමින්ටද අයිති සංකල්පයකි. 

      අප සිදු කරනු ලබන සෑම කටයුත්තකදීම ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී වූ ඇසකින් බැලීමට යොමු කිරීම මෙම සංකල්පයෙහි මූලික අරමුණ යි. ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ සැලකිල්ලට ගැනීමේ දී එය ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය හා සම්බන්ධ විය යුතු ය. මන්ද සිදු කරනු ලබන සියලු කාර්යයන් තුළින් ස්ත්‍රියට හා පුරුෂයාට සමාන අවස්ථා , අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ හිමි වන බැවිනි.
   
   ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට සහ පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙන්ස් වූ සමාජ තත්ත්වයන් මෙම දෙපක්ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සමාජය සහ සංස්තෘතිය මඟින් මෙම බෙදීම් සිදු කර තිබෙන අතර සෑම ඒකකයක දී මෙන්ම සෑම ස්ථරයක දී ම දක්නට ලැබේ. ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ , අන්‍යතා ,හැසිරීම් රටා , භූමිකා සහ වෘතීන් පවා සමාජය විසින්ම නිර්මාණය කර දී තිබේ. ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස තව දුරටත් සරලව ගෙන හැර දැක්විය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් ස්වභාවධර්මයෙන් ලැබුණු දෙයක් නොවේ. සංස්තෘතිය , ආගම , විශ්වාස , ඇදහිලි සහ සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්ත්වය ස්ථාපිත කර තිබේ.


   ඕනෑම සමාජයක ස්ත්‍රීන්ට හ පුරුෂයන්ට අසමාන වූ තත්ත්වයන් නිර්මාණය කර දී ඇත. ඒ මත පදනම් වූ විශ්වාස සහ අගය කිරීම් එම සමාජවල දැඩිව මුල් බැස ගෙන ඇත. බොහෝ රටවල ඇඳුම් පැළදුම් ඇඳීමේ සහ භාෂාව භාවිත කිරීමේ වෙනස්කම් පවා දක්නට ලැබේ. එහි දී ස්ත්‍රී පුරුෂ ලෙස බෙදුණු පද ව්‍යාකරණ විධි , ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට විශේෂිත වූ යෙදුම් සහ ව්‍යවහාර දක්නට ලැබේ. තවද රැකිය ක්ෂේත්‍රයේ දී හෙදි , ගුරු , ලඝු ලේඛල වැනි වෘතීන් ස්ත්‍රීන් ට හිමි ක්ෂේථ්‍ර ලෙස ද බර වාහාන පැදවීම , ඉන්ජිනේරු සහ ආරක්ෂක අංශ , තාක්ෂණික රැකියා සහ කළමණාකරණය වැනි වෘතීන් පුරුෂයන් ට වෙන් වූ ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය සහ පිරිමියා මේ ආකාර විය යුතුය වශයෙන් සමාජය විසින් වර්ග කිරීමක් කර තිබෙන නිසා ඔවුන්ගේ රැකියා ක්ෂේත්‍රවල දී පවා බෙදීමක් දක්නට ලැබේ. කෙසේ වුව ද සමාජය ගත් විට ශක්තිමත් , එඩිතර ,නිර්භීත ගැහැණු සහ පිරිම් දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය සහ පුරුෂයා මේ ආකාර විය යුතු යැයි සමාජය විසින්ම මිනිස් සිත් තුළට කා වැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රීය සහ පුරුෂයා නොහැසිරේ නම් එය අසාමාන්‍ය කාරණයක් ලෙස සමාජය දකී.

    ස්ත්‍රි පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තැනත් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුව ද කවර ජාතියක් , මානව වර්ගයක් , කුලයක් හෝ පන්තියක් ගත්ත ද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ලෙස ගත් විට අඩු වරප්‍රසාද , අඩු නිදහස , අඩු අයිතිවාසිකම් , අඩු දේපල , අඩු කීර්තිය හෝ අඩු බලය හමි වන්නේ කාන්තාවට යි. වැ ඩිබලය හෝ ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාට යි. මේ අසමාන වූ බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය නිසා යි. 



   ජන මාධ්‍යවේදීන් ට සහ ඔවුන්ගේ පුහුණු ආයතනවලට ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳව ක්‍රමානුකූල දැනුවත් කිරීමක් අවශ්‍යව ඇති අතර පොදු සමාජය තුළ ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ ඇති වැරදි මත තහවරු කෙරෙන ආකාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ස්වයං වාරණයක් සහිතව ක්‍රියා කිරීම ජන මාධ්‍යයේ වගකීමයි. එමෙන්ම සමාජය තුළ පවතින වැරදි මතිමතාන්තර වෙස් කොට ස්ත්‍රීයත් පුරුෂයාත් සම තලයක තැබීමේ වගකීම ද මාධ්‍ය සතු වෙයි. 

                    
                           නිසන්සලා තෙන්නකෝන් 

කඳුල මට වටී




සරු ඇති අතමිට
ළඟ රැදි සිනහව
හැර යන මිතුරෙකි
නොරැදිණි කිසි විට

නැති කල අතමිට
කඳුලක් ළඟ ඇත
සිනහව නොව කඳුලක්
ඒකෛ වටින්නෙ අදටත්

        
               නිසන්සලා තෙන්නකෝන් 

හැර ගියපු හිමි සඳට



සංසාරෙම එකට වැටී
පාදපරිචාරිකාව විලසට 
ඉන්න නුඹ සිහින දකින්නැති

නුරා රාග කෝල බැල්ම
ගයන රගන රැගුම් මැද 
උණුම නුඹේ දියව යන්නැතී

ළයේ උපදින වේදනාවන් දැක 
දෙවියනුත් කම්පා වෙන්නැතී

යළිත් එනතුරු කෝවලන් නුඹ 
කන්නගී මග බලන්නැතී

                 
                           නිසන්සලා තෙන්නකෝන් 

Saturday, July 15, 2017

මානුෂීය වටිනාකම සහ මොණරකොළ

තරඟකාරී සමාජය තුළ ආදරය , කරුණාව , සෙනෙහස , මිත්‍රත්වය පමණක් නොව මාපිය සෙනෙහසලත් නොතකන තරම් කුරීරු තතත්වයකට අච මිනිසා පත් වී හමාරය. මිනිසත්කම පරයා මොණරකොළ හිස ඔසවා ඇති සමාජ සම්මතයක මිනිස් ජීවිතයක වටිනාකම බවා තීරණය කිරීමට ඇතමුක් දෙවරක් සිතා බලන්නේ නැත. තම නැති බැරිකම් නිසාවෙන්ම ඇතැම් පිරිස් මේ පාපතර ක්‍රියාවන්ට යොමු වීමද සැබවින්ම සිදු වන්නකි. වරද නිවැරදි විය යුත්තේ එතනය. ඇතැම් අවස්ථාවල මෙකි අපරාධ සිදු කරනවුන් නරුමයෝ යැයි හංවඩු ගැසීමට සමාජය දෙවරක් සිතන්නේ නැත. එනමුත් එසේ වරදක් සිදු වන්නේ කිනම් හේතුවක් මතද යන්න නම් දෙවරක් සිතිය යුතුමය. එය වෙනම පැතිකඩයකි.
   එකම කාසියක දෙපැත්තක් ඇත. තත්ත්වය කෙසේ වුවද අධර්මයෙන් , ගුණමකුකමෙන් සමාජයේ විරාජමාන වන්නට මොණරකොළවලට කුරුමාණන් අල්ලන අධර්මිෂ්ටයන් නම් කිසි කලෙක ඉන් සෑහීමට පත් වන්නේ නැත. ආධ්‍යාත්මික ගුණ ධර්මයන් පසෙක ලා ලෞකික සැපයන් පසු පස හබා යන ඔවුන්ගේ ජීවිත නතර වන්නේ කොතැනකද කියා ඔවුන්වත් දන්නේ නැත. බණ පදයක් අසා සිත ධාර්මික කර ගැනීමේ අරමුණක් නම් ඔවුන්ගේ සිත් අහලකවත් නැත. කෙතරම් මොණරකොළ ගොඩගැසුවත් සිතේ සතුටක් නැති නම් ඉන් පලත් නැත.

   
        ඇතැම් පාපකාරී මිනිසුන්ට මොණරකොළයක් දික් කළ පමණින් ඕනෑම පහත් ක්‍රියාවක් කරන්නට සූදානම් ශරීරයෙන් සිටී. ඒ තරමට ඔවුන්ගේ සිත් අන්දකාරයට ඇදී ගොස්ය. සතර පෝයටම සිල් සමාදන් වුණ අතීතයක් පැවති සිහල බෞද්ධ සමාජ අතීතයක පුන් පොහෝ දිනටවත් වර්තමානයේ බණ පදයක් අසන්නට තම පෞද්ගලික න්‍යාය පත්‍රය තුළ ඉඩ හසර වෙන් නොකරන්නේ මන්ද?
  
      සු`ඵතරයක් පාපකාරී මිනිසුන් හේතුවෙන් සමස්ථ සමාජයටම හානි වීම නම් වැළැක්විය නොහැකිය. කොතෙකුත් අය බණ කීමට නම් සිටිය මුත් බණ ඇසීමට නම් කෙනෙක් නැත. විය යුත්තේ පළමුව තමන් නිවැරදි වීමයි. අනෙකාගේ සිතැඟිවල රන් ආලේප කරන්නට ප්‍රථම තමන්ගේ සිතැඟිවල දුම්මල හෝදා දැමීමයි.
                                

                                  
                  නිසන්සලා තෙන්නකෝන්

Friday, July 14, 2017

සිදාදියට ගිය පුතු




සිදාදියේ කාසිය ළඟ 
මනුස්සකම ණයට තියලා
ගුණමකුකම පොලී වෙලා
තැරැව්කරුවො වට කරගෙන
මගේ පුතේ වාසිය ළඟ
නොමිනිස්කම් රජ වුණාම
වැරහැලි වුණ මේ සරමත්
නම්බුකාරයි දැන් නම් මට

   
                නිසන්සලා තෙන්නකෝන් 


      

ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...