කෙටි දුර මෙන් ම දිගු දුර ගමනක් යන්න තිබෙන ලොකු පොඩි කාටත් වාහානය ත්‍රී රෝදරථය යි. අත දැමූ සැනින් නවත්වන මෙය බොහෝ දෙනා හඳුන්වන්නේ ත්‍රී වීල් එක යනුවෙනි. බස් රථ ගමන් නොකරන පිටිසර ප්‍රදේශවශවල දුෂ්කර මාර්ගවල අද භාවිත කරන්නේ ත්‍රී රෝදරථය යි. අද අපේ රටේ ත්‍රී වීල්වල වෙනම ම සංස්කෘතියක් බිහි වී ඇත.
පුංචි මිනිසාගේ පුංචි වාහානයේ පිටුපස සහ ඉදිරිපස ලිය වූ පුංචි වැකි ඉතා රසවත් ඒවා යි. දුටුවනම සිනහ උපදවන මෙවැනි වැකිවල සැබැබින් ම ඇත්තේ ඔවුන්ගේ ජීවන යතාර්ථය යි. එසේ වුව ද මෙම තුන් රෝද රථය නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ත්‍රී වීල් එක පිළිබඳ සමාජය විසින් ගොඩ නගා ගත් දැක්මක් ඇත.
ත්‍රී රෝදරථවල දක්නට ඇති වැකි බොහෝ විට සෘනාක්මක අදහස් ය. එනම් නෑ ,
බෑ වැනි දෑය. ඒවා දකින
විට සමාජයට ඇති වන්නේ ද සෘණාක්මක අදහස් ය. සල්ලිත් නෑ සනීපත් නෑ අම්මා නැත්තන්
මේකත් නෑ මෙවැනි නැති බැරිකම් තම වාහානය පිටුපස දක්වා තිබෙන විට දුටුවන්ගේ සිතට
නැගෙන්නේ නැති බැරි අසරණයෙක් ය යන හැඟීමයි. බහුතරයක් ප්‍රාදේශීය වාර්තාකරුවන්
තොරතුරු ලබා ගන්නේ ත්‍රී රෝද රථ රියදුරන්ගෙනි. ඒ යම් සිද්ධියක් තොරතුරු ඉතා
ඉක්මනින් ඔවුන් වෙත ලැබෙන බැවිනි.
පැහැර ගැනීමක් හෝ මංකොල්ල කෑමක් නැතිනම් මිනී මැරුමක් ආදී සිදුවීමක් සඳහා තොරතුරු සොයා යන විට ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් පොලිසිය ට ලැබෙන්නේ නොමද සහායකි. එසේ වුව ද මාර්ග නීති කඩ කිරීම් වැනි අවශ්ථාවල වැඩි වශයෙන් හසු වන්නේ ද ත්‍රී රෝද රථ රියදුරන් ය.

සමාජයේ සිදු වන ඇතැම් සිදුවීම් එවම් පැහැර ගැනීම් , මංකොල්ලකෑම් , හබා යෑම් (බස් රථය
අල්ලා ගැනීමට පිට් පොකට් ගැසූ කෙනෙකු හසු කර ගැනීමට) ඔත්තුකරුවන් ලෙස ත්‍රී රෝද රථ
යොදා ගනු ලැබේ. පාලු මාවත්වල චේන් කඩා ගැනීම් ආදී අපරාධවලට ද පහසුවෙන් ම යොදා
ගන්නේ මෙම ත්‍රී රෝද රථය යි. තරුණ වයසේ පසු වන අයට ත්‍රී වීල් අයියලාගෙන් ලැබෙන්නේ
නොමද සහායකි. සරලව පැවසුවොත් තම පෙම්වතිය සමඟ සතුටුවීම ට අවශ්‍ය පොට් එකක් සොයාදීම
යි. අවශ්‍ය තැනට ගෙන යාම නැවත ගෙන ඒම ද වෙලාවට කලාවට සිදු කිරීම ට ත්‍රී වීල්
අයියලා හොඳින්ම දනී.
පෝටබල් රූම්ස් සලසා දීම තවත් කාරණයකි. පාලු ප්‍රදේශයක ත්‍රී රෝද රථය නවතා කර්ට්න් දමා පෙම්වතුන්ට රිසි සේ සතුටු වීමට අවස්ථාව සලසා දීම ද සිදු වන අතර ඒ සඳහා අය කිරීමක් ද සිදු වේ. මේනිසා සමාජය මොවුන් කෙරෙහි ඇති කර ගෙන ඇත්තේ යහපත් ප්‍රතිරූපයක් නම් නොවේ.

උසස් පෙළ විභාගය අසමත් හෝ බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගය අසමත් තරුණයන්
තමන්ගේ රැකියාව ලෙස තෝරා ගන්නේ මෙම යි. ටුක් ටුක් එක යනුවෙන් සමාජයේ කා අතරත් ජනප්‍රිය
මෙම ත්‍රී වීල් එක නැති නම් ත්‍රී රෝද රථය නවතා තබන තැන හඳුන් වන්නේ ත්‍රී වීල්
පාර්ක් එක ලෙස යි. මෙම ත්‍රී වීල් පාර්ක් එක බොහෝ විට තිබෙන්නේ කඩ මණ්ඩියක් අසල
නැතිනම් මං සන්ධයක් අසල ය.
ඇතැම් ත්‍රී වීල්වල මල් ගසා , බල්බ් වැල් එල්ලා , කැසට් පටයක් සවි කළ විට එයට ලැබෙන හයර් ප්‍රමාණය ඉහළ යයි. කෙසේ වුව ද ගමනක් බිමනක් යන විට කවුරුත් වාගේ ත්‍රී රෝද රථයේ රියදුරුගේ මුහුණ බලා ගොඩ වීමට නම් අමතක කරන්නේ නැත. එයට හේතු වන්නේ ද සමාජය විසින් මෙම ත්‍රී රෝද රථ රියදුරන් කෙරෙහි ගොඩනගා ඇති චිත්‍රය යි. විශේෂයෙන් තරුණියක ට තනිවම ත්‍රී වීල් රථයක ගමනක් යන්නේ නම් රියදුරු පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීම සිදු කර යි. ටියුෂන් යන හෝ නැතිනම් තරුණියක් මග තොට යන විට ඇයට විහි`ඵ කිරීම ත්‍රී රෝද රථ රියදුරන් නොකරනවාම නොවේ. මෙවැනි ක්‍රියා නිසා ඔවුන් කෙරෙහි සමාජය මවා ගෙන ඇත්තේ සුදු චරිතයක් වම් නොවේ.

නිසන්සලා තෙන්නකෝන්
No comments:
Post a Comment