එකම කාසියක දෙපැත්තක් ඇත. තත්ත්වය කෙසේ වුවද අධර්මයෙන් , ගුණමකුකමෙන් සමාජයේ විරාජමාන වන්නට මොණරකොළවලට කුරුමාණන් අල්ලන අධර්මිෂ්ටයන් නම් කිසි කලෙක ඉන් සෑහීමට පත් වන්නේ නැත. ආධ්‍යාත්මික ගුණ ධර්මයන් පසෙක ලා ලෞකික සැපයන් පසු පස හබා යන ඔවුන්ගේ ජීවිත නතර වන්නේ කොතැනකද කියා ඔවුන්වත් දන්නේ නැත. බණ පදයක් අසා සිත ධාර්මික කර ගැනීමේ අරමුණක් නම් ඔවුන්ගේ සිත් අහලකවත් නැත. කෙතරම් මොණරකොළ ගොඩගැසුවත් සිතේ සතුටක් නැති නම් ඉන් පලත් නැත.
ඇතැම් පාපකාරී මිනිසුන්ට මොණරකොළයක් දික් කළ පමණින් ඕනෑම පහත් ක්‍රියාවක් කරන්නට සූදානම් ශරීරයෙන් සිටී. ඒ තරමට ඔවුන්ගේ සිත් අන්දකාරයට ඇදී ගොස්ය. සතර පෝයටම සිල් සමාදන් වුණ අතීතයක් පැවති සිහල බෞද්ධ සමාජ අතීතයක පුන් පොහෝ දිනටවත් වර්තමානයේ බණ පදයක් අසන්නට තම පෞද්ගලික න්‍යාය පත්‍රය තුළ ඉඩ හසර වෙන් නොකරන්නේ මන්ද?
සු`ඵතරයක් පාපකාරී මිනිසුන් හේතුවෙන් සමස්ථ සමාජයටම හානි වීම නම් වැළැක්විය නොහැකිය. කොතෙකුත් අය බණ කීමට නම් සිටිය මුත් බණ ඇසීමට නම් කෙනෙක් නැත. විය යුත්තේ පළමුව තමන් නිවැරදි වීමයි. අනෙකාගේ සිතැඟිවල රන් ආලේප කරන්නට ප්‍රථම තමන්ගේ සිතැඟිවල දුම්මල හෝදා දැමීමයි.
නිසන්සලා තෙන්නකෝන්
mudal pasu pasa habayannata kala amanthranayak.....niyamai....
ReplyDeleteThanks friend
ReplyDelete