Sunday, August 6, 2017

ගවේෂණාත්මක වාර්තාකරණය

                           

  ලොව පුරා රටවල මූලික නීතියේ මාධ්‍ය නිදහසට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා තිබේ. ඒ අනුව සිව් වැනි ආණ්ඩුව ලෙස ජන මාධ්‍ය වගවිය යුත්තේ රටකපුරවැසියන්ට පමණි. 

    ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකුගේ අක්‍රමිකතාවක් පිළිබඳව කළ හෙළිකිරීම ලෝක ජනමාධ්‍ය වාර්තාකරණයේ සුවිශේෂී සිදුවීමකි. වෝටගේට් සිදිධිය ලෙස හඳුන්වන එම වාර්තාකරණය හේතුවෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රිචට් නික්සන් ට තම තනතුර පවා අහිමි විය.

    ඇමරිකානු ජනාධිපති රිචට් නික්සන්ගේ " ජනාධිපතිවරයා නැවත පත් කිරීමේ කමිටුව " විසින් කිසියම් ආකාර වූ නීත්‍යානුකූල නොවන ප්‍රචාරණය කටයුට්ජු සඳහා මියාම් හි සමාග
මක් හරහා මුදල් රැගෙන ඒමේ සිදුවීමක් මේ හා සම්බන්ධ වේ. බ්‍රිතාන්‍ය සුප්‍රකට ගාඩියන් පුවත්පත මෙම ක්‍රයාව හඳුන්වාදීම සඳහා විශුද්ධීකරණය හඳුන්වා දෙන ලදී. ඇමරිකාවේ හොඳ නම කෙලෙසූ සිද්ධියක් වන මෙයින් 1994 අගෝස්තු 09 වැනි දින ඇමරිකාවේ ජනාධිපති රිචට් නික්සන් ඉල්ලා අස් විය.

   කලකට ඉහත දී එංගලන්තයේ ආරක්ශක අමැතිබ්කෙනෙකුට වහා ඉල්ලා අස්වීමට සිදු විය. එයට හේතුව වූයේ ප්‍රොපියුමෝබ්නම් ගනිකාව හෝ නම කැත කර ගත් කාන්තාවක සමග පැවති සම්බන්ධය එළවීම නිසාය.

 ලොවපුරා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සඳහා වේදිකාව සකසමින් ඔවුන්ගේ පණිවිඩය ජනතාවට රෙගෙන යාමටත් ඔවුන් ආරක්ශා කිරීමටත් කිසියම් රටක මාධ්‍ය නිදහස අත්‍යාවශ්‍ය සාධකයකි. ශ්‍රී ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පලිගැනීම්වලට ලක් වී ඇති අවස්ථා සුලභය. ඝාතන , පැහැරගැනීම් , බියවැද්දීම් , තර්ජන වැනි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම එළිපිට උල්ලංගනය කළ සිදුවීම් හේතුවෙන් මෙරට බොහෝ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් රට අතහැර ගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු සිටින්නේ නිහඩවය.

   ගවේෂණාත්මක වාර්තාකරණයේ ඉහළම සිටින රටවල් වන්නේ පීන්ලන්තය , නෝර්වේ වැනි රටවල් ය. පහළම සිටින්නේ ඉරිත්‍රියා යන අප්‍රිකානු රටයි. ලංකාව ගත් කල සිටින්නේ මෙහි පහළම තෙනකය. කෙසේ වෙතත් ගවේෂණාත්මක වාර්තාකරණය සමාජ යහපත උදෙසා රටකට අත්‍යාවශම දෙයකි.


                         
             




Saturday, August 5, 2017

ව්‍යාපාර නීතිය


   ව්‍යාපාර නීතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට විග්‍රහ කළ හැකිය.

  1. නීතිය හැඳින්වීම 
  2. කම්කරු නීතිය 
 සෑම නීති පද්ධතියකම පදනම සිරිතක් බව පෙනේ. 
  • උඩරට නීතියේ අඩංගු වන්නේ උඩරට සින්හලයන්ගේ සිරිත්‍ ය. 
  • මුස්ලිම් නීතියේ අඩංගු වන්නේ ඉස්ලාම් භක්තිකයන්ගේ සිරිත් ය. 
  • තේසවලාමේ නීතියේ අඩංගු වන්නේ ද්‍රවිඩ ජනතාවගේ සිරිත් ය.
   
   මෙසේ කිසියම් සිරිතක් දැනටමත් නීතියක් වශයෙන් පිළිගෙන තිබිය හැකි ය. අනෙකුත් සිරිත් නීතියක් වශයෙන් පිළිගැනීමට නම් මූලධර්ම කිහිපයක් සනාථ කළ යුතුයි. සිරිතක් නීතියක් වශයෙන් පිළිගැනීමට නම් පහත මූලධර්ම සනාථ කළ යුතු ය.
  1. අදාළ සිරිත අති පැරණි එකක් විය යුතු ය.
  2. එම සිරිත සාධාරණ විය යුතු ය.
  3. සිරිත නිශ්චිතවම භාවිතා කර තිබිය යුතු ය.
  4. සිරිත ව්‍යාවස්‍තාපිත නීතියට සහ පොදු නීතියට පටහැනි නොවිය යුතු යි.
  5. සිරිත අයිතිවාසිකමක් වශයෙන් භාවිත කර තිබිය යුතු ය.


                          නිසන්සලා තෙන්නකෝන් 

Thursday, August 3, 2017

ආදරණීය දෙවොන්දරා සංට



සකුරා මල් පිපෙන ඉසව්වේ
සීතලේට කෝපි බිබී
මුවින් නොදොඩා බලා උන්නා
අවන්හලක කොනට වෙලා

යන්න එපා දෙවොන්දරා
තෝකියෝව හරි පලුයි
යන්න ගියත් අයෙ එනවනෙ
දෙනෙත්වලින් ඔබ කීවා

තෝකියෝවෙ අපෙ මතකය
තමබොචියෙම වල දමලා
මළගිය ඇත්තන් හමුවට
නොයන ගමන් ඔබ ගියා



නිසන්සලා තෙන්නකෝන්

පොරොන්දුව

ආ....

කාලෙකට පස්සේ
මතක් වෙලා
අපේ මැම්බර් මහත්තයාට

ආපු ගමන් ගෙට ගොඩවෙච්චි

ඉතින් ආයුබෝවන්ඩ 
ඡනදෙත් ළඟයි
මනාපයක් දෙන්න ඕනෑ

තවත් ආගිය තොරතුරු 
බොහෝමයක් විමසනවා
( එකම කතාවක් 
දහස් වතාවක් )

වෙනදනං උන්දැගෙ
 මහ ගණන්
දැන්නං එයි පස්සෙන්

දාංගැට දාලා 
පැනගත්තම
යන්න වෙන්නෙ අපිට තමයි
මස් කනකොට කටු ලොවන්න


        
                                 නිසන්සලා තෙන්නකෝන් 

කල දසාව


වාරුවට අල්ලන් යන්න
සීරුවට අත දුන්න
කාරිය කරවන්න
පෝරුවට නන්වන්න

සුළැඟිල්ලක එල්ලිලා
හුරතලේට ක්තා කියල
ඔබත් එක්ක ඔහේ අවිදපු
පුංචි කාලේ වගේ නොවයි දැන්

මුව ගොලු වෙලා නෙත බර වෙලා
ඔය දෑතේ එල්ලිලා
මේ පිය නගන්නේ
තවකෙකුගේ අත ගන්න

වාරු නෑ ඇවිද ගන්න
පියතුමණි හැර යන්න
තව ටිකක් ළඟට වෙලා
මට ඉන්න ඉඩ දෙන්න



නිසන්සලා තෙන්නකෝන්

ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...