වාරුවට අල්ලන් යන්න
සීරුවට අත දුන්න
කාරිය කරවන්න
පෝරුවට නන්වන්න
සුළැඟිල්ලක එල්ලිලා
හුරතලේට ක්තා කියල
ඔබත් එක්ක ඔහේ අවිදපු
පුංචි කාලේ වගේ නොවයි දැන්
මුව ගොලු වෙලා නෙත බර වෙලා
ඔය දෑතේ එල්ලිලා
මේ පිය නගන්නේ
තවකෙකුගේ අත ගන්න
වාරු නෑ ඇවිද ගන්න
පියතුමණි හැර යන්න
තව ටිකක් ළඟට වෙලා
මට ඉන්න ඉඩ දෙන්න
නිසන්සලා තෙන්නකෝන්
Nice poem
ReplyDeleteThanks thilini
DeleteLassanai
ReplyDeleteSthuthi iresha
Delete