ලොව පුරා රටවල මූලික නීතියේ මාධ්‍ය නිදහසට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා තිබේ. ඒ අනුව සිව් වැනි ආණ්ඩුව ලෙස ජන මාධ්‍ය වගවිය යුත්තේ රටකපුරවැසියන්ට පමණි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකුගේ අක්‍රමිකතාවක් පිළිබඳව කළ හෙළිකිරීම ලෝක ජනමාධ්‍ය වාර්තාකරණයේ සුවිශේෂී සිදුවීමකි. වෝටගේට් සිදිධිය ලෙස හඳුන්වන එම වාර්තාකරණය හේතුවෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රිචට් නික්සන් ට තම තනතුර පවා අහිමි විය.
ඇමරිකානු ජනාධිපති රිචට් නික්සන්ගේ " ජනාධිපතිවරයා නැවත පත් කිරීමේ කමිටුව " විසින් කිසියම් ආකාර වූ නීත්‍යානුකූල නොවන ප්‍රචාරණය කටයුට්ජු සඳහා මියාම් හි සමාග
මක් හරහා මුදල් රැගෙන ඒමේ සිදුවීමක් මේ හා සම්බන්ධ වේ. බ්‍රිතාන්‍ය සුප්‍රකට ගාඩියන් පුවත්පත මෙම ක්‍රයාව හඳුන්වාදීම සඳහා විශුද්ධීකරණය හඳුන්වා දෙන ලදී. ඇමරිකාවේ හොඳ නම කෙලෙසූ සිද්ධියක් වන මෙයින් 1994 අගෝස්තු 09 වැනි දින ඇමරිකාවේ ජනාධිපති රිචට් නික්සන් ඉල්ලා අස් විය.
කලකට ඉහත දී එංගලන්තයේ ආරක්ශක අමැතිබ්කෙනෙකුට වහා ඉල්ලා අස්වීමට සිදු විය. එයට හේතුව වූයේ ප්රොපියුමෝබ්නම් ගනිකාව හෝ නම කැත කර ගත් කාන්තාවක සමග පැවති සම්බන්ධය එළවීම නිසාය.
ලොවපුරා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සඳහා වේදිකාව සකසමින් ඔවුන්ගේ පණිවිඩය ජනතාවට රෙගෙන යාමටත් ඔවුන් ආරක්ශා කිරීමටත් කිසියම් රටක මාධ්‍ය නිදහස අත්‍යාවශ්‍ය සාධකයකි. ශ්‍රී ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පලිගැනීම්වලට ලක් වී ඇති අවස්ථා සුලභය. ඝාතන , පැහැරගැනීම් , බියවැද්දීම් , තර්ජන වැනි ප්රජාතන්ත්රවාදී මූලධර්ම එළිපිට උල්ලංගනය කළ සිදුවීම් හේතුවෙන් මෙරට බොහෝ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් රට අතහැර ගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු සිටින්නේ නිහඩවය.
ගවේෂණාත්මක වාර්තාකරණයේ ඉහළම සිටින රටවල් වන්නේ පීන්ලන්තය , නෝර්වේ වැනි රටවල් ය. පහළම සිටින්නේ ඉරිත්රියා යන අප්‍රිකානු රටයි. ලංකාව ගත් කල සිටින්නේ මෙහි පහළම තෙනකය. කෙසේ වෙතත් ගවේෂණාත්මක වාර්තාකරණය සමාජ යහපත උදෙසා රටකට අත්‍යාවශම දෙයකි.
Wedagath lipiyak
ReplyDeleteSthuthi
Deletehoda lipiyak ,digatama liyanna
ReplyDeleteSthuthi mdu
Delete