අදාළ තාක්ෂණික ක්‍රම නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරනවා වෙනුවට ද්වීතියික නිශ්පාදනටක් ලෙස අපනයනය කළ හැකි නම් විශාල ආදායමක් ලැබිය හැකි ය. ලංකාව පවත්නා ඛනිජ සම්පත්වලින් ඉතා ප්‍රාථමික තත්ත්වයේ නිශ්පාදන හෝ ඇරඹුවහොත් ලංකා ආර්ථිකයට සිදු විය හැකි ලාභය ව්‍යාපාරික වතු වගාවෙන් ලැබෙන ලාභයට වඩා වැඩි විය හැකි ය. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී වුවද සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 04ක් පමණ සැපයී ඇති අතර ප්‍රාදේශීය සවර්ධනය ද සිදු වී තිබේ.
දළ ජාතික නිෂ්පාදනයට දක්වන්න දායකත්වය 2%ක් , තරම් කාර්මික නිශ්පාදනයෙන් 8%ක් තරම් අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් 136 ක් (ඉන් 120ක් මැණික්වලින්) වැනි ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ඉතා අඩු ය.
ලංකාවේ ආකර කර්මාන්තය පවතින සේවා වියුක්තියට හොඳ විසදුමක් ලබා ගත හැකි මාර්ගයක් වන අතර නූතන තාක්ෂණය භාවිතයෙන් විශාල වශයෙන් ලාභ ලැබිය හැකි කර්මාන්තයක් බවට පත් කර ගත හැකි ය.
කෙසේ වෙතත් ඛනිජ සම්පත් උපයෝජනයේ දී එල්ල විය හැකි පාරිසරික බලපෑම් අවම ක්‍ර ගත යුතුය. ඒ අතර පතල් හෑරීම වැනි ක්‍රියාවලීන් ස්වභාවිකව පවත්නා ජල වහනයට බලපෑම් එල්ල විය හැකි ය.
උදා:
- අවසාදිත පාෂාන හෑරීම නිසා පහත් බිම්වල ජලය රැස් වීම.
- ගංගාවල් ඇදීම නිසා ඉවුරු කඩා වැටීම් වැනි ගං ආර පුලුල් වීම
- නිරන්තර ජල ගැලීම් , නාය යෑම් , අභ්‍යන්තර පස මතුපිටට දැමීම හේතුවෙන් පස නිසරු වීම.
සිදු විය හැකිය. මේ බලපෑම්වල අවසාන ප්‍රතිඵලය මානව පැවැත්මට අහිතකර විය හැකි ය.
- මැලේරියා , බරවා වැනි රෝග බෝ වීම.
- පෙනහලු , අක්ෂි , චර්ම රෝගවලට බදුන් වීම.
- විෂ වායූන් විමෝචනය
මිනිසාට වන බලපෑම් ය. මෙම හානි අවම කර ගැනීම සඳහා නීත්‍යානුකූල නොවන මැණික් හෑරීම , වැලි ගොඩ දැමීම , හිරිගල් කර්මාන්තය වැනි අවසරයකින් තොරව කැනීමට ඉඩ නොදොය යුතු ය. එහිදී පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කළ යුතු ය. ලබා ගන්නා සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පුරුදු කළ යුතු ය. පාසල් විශය මාලාව් තුළින් පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කළ යුතු ය. දේශපාලන කැපවීම සහ අණ පනත් ක්‍රියාත්මක වීම තිරසාර පරිසර සංරක්ෂණයකට අනිවාර්යයෙන් තිබිය යුතු ය.