අප සිතන ආකාරයටම ජීවිතයේ දේවල සිදු වන්නේ නැත. එහෙත් සිදුවන දේ සමඟ ජීවත්වීමට අපට සිදු වේ. මේ කියන්නට යන්නේත් සිතන ආකාරයටම ජීවිතය නොලැබුණු පිරිසක් ගැනය. ඒ වෙන කවුරුන් ගැන හෝ නොව පදික වෙළෙඳුන් ගැනය.
මාර්ගය ඇත්තේ වාහන ගමනාගමනයටය. පදික වෙළෙදාම ඇත්තේ පදිකයන්ට ගමන් කිරීමටය. නමුත් පදිකයන් ගමන් කරන පදික වේදිකාවේ වෙළෙදාම කරන පදික වෙළෙන්දෝද සිටිති. වාහාන ගමන් කරන්නේ නැත්නම් පදිකයන්ට පාරේ වුවද ගමන් කළ හැකිය. එහෙත් පදික වෙළෙඳුන්ට පාරට බැස වෙළෙදාම් කිරීමට හැකියාවක් නැත.
පදික වෙළෙදුන් පිළිබඳ කතා කරන්නට පෙර පදික වෙළෙදාමේ ඉතිහාසය පිළිබඳ යමක් දැනගෙන සිටීම වැදගත් වන්නට පිළිවන. පුරාතනයේ පටන් , එනම් භාණඩ හුවමාරු යුගයේ පටන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ජනතාව ගැවසෙන ප්‍රධාන නගරවලට පැමිණ වීදිවල භාණ්ඩ හුවමාරු කර ගැනීම සිදු කල බවට සාක්ෂි ඇත. මේ අනුව පදික වෙළෙදාම ආර්ම්භ වූ ඇතැම් ස්ථානවල අද වන විට දියුණු නගර , සුවිශාල වෙළෙදා සංකීර්ණ ඉදි වී ඇති බවට විශ්වාස කළ හැකිය.
මේ අනුව පදික වෙළෙදාම අනාදිමත් කලක සිට ආර්ම්භ වූ බව් සිතිය හැකිය. මුදල් හුවමාරු කර ගැනීමේ අවධිය දක්වා විහිදුනු අතීතයක් ඒ සඳහා තිබේ. එහෙත් මේ පිළිබඳ කිසිදු ලිඛිත සාක්ෂි සපයා ගැනීම අතිශය අපහසු කාර්යයකි.
පදික වෙළෙදුන්ගේ විශේෂ ලකෂණය වන්නේ ජනතාව ගැවසෙන ප්‍රධාන ප්‍රධාන වීදිවල නිරන්තරයෙන්ම දැක ගත හැකි වීමයි. ඒ ඒ ප්‍රදේශයට ආවේණික වූ සස්කෘතික උත්සව කාලවලදී තාවකලික අට්ටාල , මඩුවල වෙළෙදාමේ යෙදීම මොවුන් විසින් සිදු කරනු ලැබේ. අදාළ උත්සව කාල නිමා වෙත්ම වෙළෙඳ කටයුතු නිම වේ. මේ නිසා ජනතාව කුමන කටයුත්තක් සඳහා එක් වන වාසස්ථානයක , මාර්ගවල වෙළෙදාමේ යෙදීම මේ පදික් වෙළෙදුගේ සිරිතයි.
වෙළෙදාම් කිරීමේදී සහ ඔවුන්ගේ සමාජ චර්යාව තුළ දැකිය හැකි විශේෂත්වය වන්නේ ඔවුන්ට අවේණික භාෂාවක් , වචන මාලාවක් පැවතීමයි. මහා සංස්කෘතියේ ප්‍රධාන භාෂාවෙහි එඅචන වෙනත් අර්ථ සඳහා භාවිත කිරිම මෙන්ම උප සංස්කෘතියක් ලෙස ඔවුන්ටම ආවේණික වූ සුවිශේෂ වචන මාලාවක් ද දක්නට ලැබේ.
"මැඩම් , බඩුව , කෑල්ලක් , මාටියා ගහනවා , ලාබයි , කුණුකොල්ලය"
එවැනි වචන කිහිපයකි.
වෙළෙදාම දියුණුවීමට මුදල් සහ දියුණු මාර්ග අවශ්‍යය. මෙරට සෑම ප්‍රදේශයකම පහේ මෙන්ම වෙනත් බොහෝ රටවල ප්‍රධාන නගරවල ජනතාව ගැවසෙන පදිකයේ සිට (මාර්ගයේ) භාණඩ සහ සේවා අලෙවි කරනු ලබන්නවුන් දක්නට ලැබේ. ජනතාව ගැවසෙන ප්‍රධාන නගරවල ස්ථීර හෝ තවකාලිකව ස්ථානයක මුදලට භාණඩ සහ සේවා අලෙවි කිරීම සිදු වේ. පදිකයාට කිසිවක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් කිසිසේත්ම නොමැති වන්නට පුලුවන. එහෙත් ඇතැම් භාණඩවල ඇති ආකර්ශනීය මිල ගණන් නිසාම ඕනෑම කෙනෙකු මග රැදී භාණ්ඩ මිල දී ගැනීමට හෝ මිල දී නොගත්තත් අතට ගෙන බැලීමට හෝ පෙළබෙන්නේ නිරායාසයෙනි.
'කෑලි පහක් දෙසීයයි.' කී සැනින් ඕනෑම කෙනෙකු මග නතර වී අඩුම තරමේ මේ මොනවාදැයි කියා හෝ බලයි. විස්සට අඩු කරලා දෙන්නම් කී පමාවට මිලදී ගෙන හමාරය.
වර්තමානයේ දිවයිනේ සෑම නගරයකම දැක ගත හැකි මොවුන්ගේ ජීවිත මතුපිටින් පෙනෙන තරම් සුන්දර නැත. මුදල් උපයන කිසිදු මාර්ගයක් සරල හෝ පහසු නොවේ. මොවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ පවතින ගැටලු සහ තර්ජන පිළිබද අවදානය යොමු ලළ යුතුය. වාණිජත්වය සමඟ ප්‍රබල තර්ජන මොවුන්ට අත්විදීමට සිදු වනු ඇත. සුපර් මකට්වල වායු සමනය කළ විලාසිතාගාරවලට බහුතරය ඇදී යාම නිසා පදිකයන්ට ගැටලු මතු වී ඇත.
සුපර් මාකට්වල වෙළෙඳ නාමයට රැවටෙන පාරිභෝගිකයා ඉහළ මිලක් වැය වුවද එම භාණඩ හෝ සේවා මිලදී ගැනීමට පෙළබෙන්නේ පදික වෙළෙදුන් තත්ත්වයෙන් බාල භාණ්ඩ අලෙවි කරනවා යැයි අවිශ්වසය ද සමඟයි.
අවුවට වැස්සට හුරු වුඹ ජීවිතවලට ස්වභාව ධර්මයේ මේ හැල හැප්පීම් එතරම් ගානක් නැත. ඒ නිසා අධික හිරු රශ්මියත් , වර්ෂාවත් එකසේ අත් විදින මේ පදික වෙළෙදුන්ගේ බාහිර පෙනුම වයසට වඩා මුහුකුරා ගිය බවක් දක්නට ලැබෙයි. හමේ පැහැය ද සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් ය. තම වෙළෙදාම සරි කර ගන්නා අටියෙන් දවස පුරා හඬ අවදි කර කෑ මොර දෙන නිසා කටහඬ ද පදම් වී ගොරෝසු වී ඇත. මේ නිසා පිටස්තරයෙකු ඔවුන් පිළිබඳ කතා කරද්දී මනසේ යම් චිත්‍රයක් මවා ගනී. එයා පැහැදීමකින් තොර අපැහැඳිලි මහා වරදක් කරන්නෙකු ලෙස දකින කලු දෘෂ්ටියකි.
පදිකයන් පදික වෙළෙදුන්ගේ භාණ්ඩ මිලදී ගැනීමේදී නිතර සැකයෙන් කටයුතු කරයි. ඉතිරි මුදල් ආපසු ලබා දෙයිද , නිවැරදිව එය සිදු කරයිද යන්න පමණක් නොව තත්ත්වයෙන් උසස් හොඳ භාණ්ඩයක්ද කියා වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතයි. පදික වෙළෙදුන්ගේ අදහස වන්නේ නිතර සැකයෙන් සහ අපහැඳිලි චිත්‍රයක් මෙලෙස පදික වෙළෙදුන් පිළිබඳ මවාගෙන සිටීම නිසා එය ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලටද යම් බාධාවක් වන බවයි. ඇථැම් අවස්ථාවල වාහාන තදබදයක් පැවතීම නිසා සිය ව්‍යාපාරවලට බලපෑමක් ඇති වන බවද ඔවුන්ගේ අදහසයි.
අමුද්‍රව්‍ය සපයා ගැනීම , පසුදා වෙළෙදපලට ගෙන යාම ඔවුන් විසින්ම සිදු කළ යුතු නිසා කාර්යබහුල වීම ඔවුන්ට ගැටලුවකි. ඇතැම් දිනවල ගනුදෙනුකරුවන් සහ බහින්බස්වීම් සිදුවීමද නැතුවාම නොවේ. පදික වෙළෙදුන් පාරිභෝගිකයන්ට කරන උසුලු විසිලු , සමච්චල් කිරීම් සහ මෙවැනි බැනවැදීම් නිසා ඔවුන් කෙරෙහි විශ්වාය බිඳ වැටීමට හේතු වනු දක්නට ලැබේ.
කෙතරම් ලාභ හෝ පාඩු හෝ වෙනත් ගැටලු , තර්ජන තිබුණත් දෙවියන් බුදුන් සිහි කර සිය වෙළෙඳ කටයුතු සිදු කිරීමට මොවුන් අමතක කර්න්නේ නැත. පරම්පරාවෙන් උරුම වන මේ වෙළෙදාම් කටයුතු සිය ජීවිකාව ගෙන යාමට කෙසේ හෝ ගැටගසා ගැනීම මේ පදික වෙළෙදුන් කාගේත් අරමුණ වන්නේය.
අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් තොරව , පදික වෙළෙදුන්ගේ තත්ත්වය ඇගයීමට ලක් කර්න්නනම් , මෙම පිරිසගේ ජිවිකාව ඉහළට ගෙන යාමට රජය අතහිත දෙන්නේනම් ඔවුන්ගේ හෙට දවස අදට වඩා බෙහෙවින් සුන්දර වනු නිසැකය.
නිසන්සලා තෙන්නකෝන්
ඔබේ අදහස් පහත දක්වන්න. එය මහත් සේ අගයමි.
නිසන්සලා තෙන්නකෝන්
ඔබේ අදහස් පහත දක්වන්න. එය මහත් සේ අගයමි.